Friday, September 11, 2009

හෙණ ගහපන්!


මේක නම් වැඩි ලියන්න හිතදෙන මතෘකාවක් නෙමෙයි, අනික මම වැඩිය කියන්න යන්නෙත් නෑ මම ආවේගශීලී වෙන නිසා මේ කාරණයෙදි. පාරේ යන සුදු වෑන් වලට අත දාන්න ඕනේ නෑනේ.

අවුරුදු 30ක් තිබුණ් කුරිරු යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට රාජ්‍ය මාධ්‍ය වලින් රස කර කර තලු මර මර කියපු ප්‍රවෘත්තියක් තිබුනා. ඒ තමයි ඉහළ පෙළේ කොටි නායකයෝ 2ක් උන ජෝර්ජ් මාස්ටරුයි දයා මාස්ටරුයි අපේ හමුදාවට බාර උන එක.
ඒ දෙන්න ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොයි ජාතියේ බඩු දෙකක්ද, කලේ මොනවද කියලා. එ දවස් වල උප්පත්තියේ ඉඳන් කිව්වනේ එයාලගේ.
කොහොම උනත් මෙච්චර දවසක් කොටි ප්‍රහාර වලින් ශ්‍රීලාංකිකයන්ට උන හැම ප්‍රහාරයකම වගකීම ඒ දෙන්නටත් පැටවෙනවා. අනික කේ.පී අංකල් හැරුනම ඉන්න ප්‍රදාන කොටි ප්‍රබලයෝ 2ක්නේ.

හැබැයි ඉතින් අන්තිමටම කොටි මාස්ටර්ලා 2 ලක්ෂ25 ගානේ ඇප ගෙවලා ගෙදර ගියා, පත්තරේට ලිවුමක් ලියපු තිස්සනායගම් මහත්තයා අවුරුදු 20කට හිරේ ගියා.

අනේ මන්දා ඉන්තින් මේ සිම්පල් ප්ලෑන් අස්සේ සංකීර්ණ ප්ලෑනුත් තියෙන නිසා වෙන්න ඇති හුදී ජනයා උන අපිට තේරෙන්නේ නැත්තේ මේක උනේ කොහොමද කියලා.

එක්සත් ශ්‍රීලංකා රාජධානියේ නීතිය ඉෂ්ඨ සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයටලු.

ප.ලි - හෙණ ගහන්න ඕනේ කාටද කියලා මල්ලි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

6 යි අදහස්:

Narada said...

"නඩුත් හාමුරුදුවන්ගේ
බඩුත් හාමුරුදුවන්ගේ"


වෙන මොකද්ද ඉතිං කියන්න තියෙන්නේ?

wahupatta said...

.උම්බෝ..ලොකු මල්ලි කිව්වට තාම ලදරුවෙක් වගේනේ.ඒකටත් ආන්ඩුවට බෑනලා වෑඩක් නෑ.ඕකුන් තියාන් හිටියනන් උබ ඊලගට ලියයි.මානව හිමිකන් කඩලා අර වයසක අහිසක ජෝජ් අන්කලුයි සන්ගිත මස්ටරුයි අතුරුදහන් කෝ අහිසකයො කියලා.
පත්තරේට ලිවුමක් ලියපු තිස්සනායගම් මහත්තයා අවුරුදු 20කට හිරේ ගියා.
අප්පේ උබේ ඔය අන්කලයා පත්තරේට ලිව්මක්විතරද ලිව්වෙ.පව්.යකො කන්න ඕන වෙනකොට කබරගොයා තලගොයා කොරන්න්ට එපා.අදිකොරනෙ කියන්නෙ එකක්.ඔය තින්ඩු ඩුන්නෙ ඒකෙන්.හරක් උන අපිටට් තේරෙන්වා උබ බබා.....

සහන් සටහන් said...

හෙන ගහන්න ඕනෑ අපිටම තමා

ලොකු මල්ලී said...

@ හරකා
හරකුන්ට ඕවා තේරෙනවයැ? රජගෙදර පුන්නක්කු බාල්දිය හම්බුනාම බාල්දි 10000ක රෙදි හෝදන එකනේ කොරන්නේ.
:P :P :P

@-බිன்ku-
උඹෙ කතාව නම් ඇත්ත බන්.

@ සහන්-
සිරාවටම ඇත්ත.

Harindu said...

machan..... eka liyumak unat ati jaatiyak wanasanna....

meccharak liwwa accharak liwwa kiyala ganan karnane netuwa liwwe monawada kiyala balapan...

eeeta passe teeranaya karanan puluwan sadaranada nedda kiyala?

ubala gaaawa oya kiyana article set eka tiyenawada? tiyenawanam deepanko

ලොකු මල්ලී said...

හරිඳු - හරි මචන් මට කියපන් වඩා වැරදි කොටි වෙලා හිටිය එවුන්ද ලිවුම් ලියපු එවුන්ද කියලා? උඹල කියන විදියට මචන් රජතුමාට පුළුවම්නේ මචන් ප්‍රභාකරන්ටත් ඇප දෙන්න. අනික මාස්ටර්ලා දෙන්නව අල්ලගත්තුවාම කිව්වේ හළ පෙළේ නායකයෝ2ක් බාර උනා කියලනේ. ඉතින් කියපන් බලන්න කව්ද වැඩියම භයානක කියලා. උඹ රෝයල් එකේ මැත්ස් කරපු මීරිගම පොර නම් මම දන්නවනේ උඹට සාපේක්ෂව හිතන්න තරම් මොලයක් තියෙනවා කියලා.
මම කියන්නේ නෑ තිස්සනායගසම් හරි කියලා, මම කියන්නේ එයාට වඩා මාස්ටර්ලා2 බරපතල අපරාධ කාරයෝ කියලායි.
උඹට ඒක තේරෙන්නේ නැත්ඩ මචන්. ලිවීමේන් වක්‍රව කොටින්ට උදව් කලාට වඩා බලවත් මචන් සම්බන්ධ වෙලා තනතුරු අරගෙන කොටිත් එක්ක ක්‍රියත්මක වෙන එක.
උඹලගේ අධික දේශප්‍රේමී හැඟීම් වලට ඕක පෙනෙන්නේ නැත්ද?

Post a Comment