Tuesday, April 5, 2011

සංගා යන්න, මම නම් ඉන්න කියන්නේ නෑ ඔබට.



සංගාගේ ලිස්සා යාම ගැන කට්ටිය ලියන්නත් ඇති. හැබැයි මම දැක්කේ නෑ, මොකද මම තාම මොකුත් බැලුවේ නෑනේ. දැනි ඉතින් හෙඩිම දැකලා කී දෙනෙක්ගේ පශ්චාත් භාගයෙන් මම කෙරෙහි මල පිට වුනිද? පොඩ්ඩකට පිහදාගෙන මේක කියවලා ඉවර උනාම කියන්න අයේ පැන්නද කියලා, මම මිනරල් වෝටර් බෝතලයක් එවන්නම් පහසුවට එතකොට.

සිරාවට සංගා යනවා කිව්වම මටත් සෑහෙන්න අප්සැට්. මම නම් දන්න කාලෙකින් මේ වගේ සිරා පොරක් අපේ ටීම් එකට නායකත්වය දුන්නේ නෑ. අමුතුවෙන් ගුණ කියන්න ඕනේ නෑනේ, මම වගේ ලෝක කුසලාන කාලෙට විතරක් ක්‍රිකට් මැච් බලන පොරක් උනත් සංගගේ හැකියාවයි, නායකත්වයයි ගැන හොඳට දන්නවනේ. මගේ මයිල් කෙලින් වෙන තරමට ශ්‍රේෂ්ඨ නියම මහත්මා ක්‍රීඩකයෙක් සංගා, ඒ වගේ වෙන කෙනෙක් ගැන තාමත් හිතාගන්න වත් බෑ මට. සංගගේ තැනට අහලකට වත් එන්න වෙන පොරක් මේ ලෝකෙම නැතුව ඇති. කැප් එක ගලෝලා ඔලුව නමලා ආචාර කරනවා හැමදාමත් පොරට.

හැබැයි සංගා යන්න ගත්තු තීරනේ ගැන මුලදි මට සැකයක් තිබ්බත් එයාගේ වචන දැක්කට පස්සේ මට හිතෙනවා ඒක හරියටම හරි, නියම ආදර්ශමත් මහත්මා තීරණයක් අරන් තියෙන්නේ අපි වෙනුවෙන් කියලා. තමන්ගේ වරප්‍රසාද ගැන නොහිතා රට ගැන හිතන දැන් ඉන්න වෙන නායකයෙක්ගේ නමක් කියන්න පුලුවම් වෙයිද කාටවත්?
සංගා කියනවා 2015 ලෝක කුසලානය වෙනකොට එයාට වයස 37ක් කියලා. ඒ වෙනකොට එයාගේ ක්‍රීඩා හැකියාව මොන තත්වයක තියේද කියලා එයාට හරියටම කියන්න බෑලු, මිනිස්සු වයසට යනවා කියන්නේ ඒක තමයිනේ ඉතින්. සංගා හිතනවා ඒ වෙනකොට දැන් වගේ එයාට හොඳ නායකයෙක්, ක්‍රීඩකයෙක් වෙන්න බැරි වෙයි කියලා සමහරවිට වයසත් එක්ක එන ශාරීරික දුර්වලතාත් එක්ක, ඕක දැක්ක ගමන් මට මාර අප්සැට්, සංගා වයසට යන එකට නෙමෙයි, මමත් ඒත් එක්කම වයසට යන එකට, ඒ ගැන මගේ දුක්බර හැඟීම පස්සේ කියන්නම්කෝ. හැබයි ඉදිරි අවුරුද්ද හෝ දෙක තුළ මම හිතන්නේ නෑ සංගාගේ හැකියාවන් වල වර්ධනයක් මිසක් අඩුවක් නම් වෙයි කියලා, වර්ධනයක් නොවුනත් අඩුමගානේ දැන් වගේ ඉහල මට්ටමක හරි තියේවි. 2015 වෙනකොට නම් ඉතින් අඩු වෙන්න පුලුවම්. ලෝක ස්වභාවයනේ ඒක.
සංගා කියන්නේ අළුත් පැනි බේරෙන කොල්ලෙක්ට කැප්ටන් කම දීලා 2015 වෙනකොට හොඳ පරිණත නායකයෙක් විදියට තමන්වයි අනිත් කොල්ලෝ ටිකවයි හදාගන්න ඉඩ දෙන්න කියලා ඒ අළුතෙන් එන කොලූට. මෙච්චර කාලයක් අපේ ක්‍රිකට් මහතැන්ලා කරපු ගොන්කම් හරි පැත්තට වෙනස් කරන්නයි සංගා මේ හදන්නේ. සිරාවට නිකමට හිතලා බලන්න අපි කවදාද කල් ඇතුව ලෝක කුසලානයකට ලෑස්ති උනේ, හැම පාරම අවුරුද්දක් එකහමාරක් තියෙලා තමයි පටන් ගන්නේ. කොහොමද ඉතින් කප් එක උස්සන්නේ? ලක් එකෙන් විතරක් වත්, නැත්නම් ලංකාවෙම ගෑනු රෙදි ගලවනවා කියලා මොරාල් එක කියන එක නැග්ගුවටවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවම්ද?

ලොකු පුටු වල සෙට් එකට සංගා වගේ ඉදිරිය දැකලා පැහැදිලි අරමුණකින් වැඩක් කරන්න පුලුවම් උන දවසක අපි කප් එක ගහයි, මේ යන විදියට නම් පුතේ හැමදාම ෆයිනල් ඇවිල්ලා කාලා රෙකෝඩ් එකක් තමයි තියන්න වෙන්නේ. හැබැයි සංගා අයින් වෙන එකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න, එහෙමත් නැත්නම් 2015දී වත් අපිට ඔය පෙනි පෙනි මිස් වෙන කප් එකට කිස් එකක් දෙන්න පුළුව්ම් වෙන තැනට වැඩ කටයුතු ටික සිද්ධ කරගන්න නම් කැප්ටන්කමට දිල්ෂාන්ව දාලා බෑ. දිල්ෂානුත් සිරා ප්ලේයර්, ඒක කවුරුත් දන්නවනේ. හැබැයි 2015 වෙනකොට මිනිහටත් වයස 38ක්, එතකොට ඉතින් කොහොම වෙයිද ඕවා? මම හිතන්නේ නෑ සංගා සිරාවටම හිතනවා කියලා දිල්ෂාන් තමයි නියම සුදුස්සා කියලා ඔය කැප්ටන් කැප් එක දාගන්න. දැකුම්කලු ඇන්ජි වගේ කොල්ලෙක්ව දාලා ටීම් එක සෙට් වෙන්න තිබ්බා නම් වැඩේ 2015දී ගොඩ දාගන්න පුළුවම්. තරංග උනත් වැඩේට ගැලපෙනවා, මාලි කොලූ උනත් අව්ලක් නෑ, ඒ උනාට මිනිහා නිකන් බෑ බෑ කියලා සනත්ටත් වඩා වයසක මිනිහෙක් ගානටනේ කතා කලේ. කොහොම උනත් ඔතනට දාන්න ඕනේ වයස 30 හෝ ඊට අඩු කොල්ලෙක්ව. මම නොදන්නවා උනාට ඔයාලා හිතන තවත් අය ඇතිනේ ඔතනට දාන්න.

මම අහලා තියෙනවා චීන්නු ජිම්නාස්ටික් වලට ලමයින්ව පුරුදු කරන්නේ අවුරුදු 2ඒ 3ඒ වගේ ඉඳන් කියලා, පොඩි කාලේ ඉඳන්ම ඇඟ නම්මවලා හදනවලු. අපිත් ඒ වගේ දැන්ම තරුණ කොල්ලෙක් දැම්ම නම් ඊලඟ අවුරුදු4 යනකොට හොඳ කැප්ටන් ඩයල් එකක් හදාගන්න පුලුවම් සංගා වගේ. එතකොට බය නැතුව කප් එක අපේ කියලා අවුරුද්දකට කලින් ඉඳන් උනත් සිංදු හදන් ඉන්න පුලුවම් අපේ කොම්පියුටර් ගායකයෝ සෙට් එකට.දැන් ඉන්න පරිණත කෙනෙක් ව දාගත්තොත් ඉතිරි අවුරුද්ද 2 අව්ලක් නෑ, නමුත් අපිට 2015 ලෝක කුසලානයට අපිව රන් කරගන්න තරම් කැප්ටන් කෙනෙක් නැති වෙන්න පුලුවම්. ඒ කාලෙට පරිණත කෙනෙක් දාලා අයේ අළුත් කරනවට වඩා හොඳයි දැන්ම තියන් පොඩ්ඩෙක්ව දාලා හෙමින් හෙමින් උගන්නලා හදලා ගන්න එක. ඒක නේද සිරාවට ගැලපෙන ස්සිස්ටම් එක?

මල්ලි හරි නම්, සංගා කියන්නේ දැන්ම ඉඳන් අපි ඊලඟ කප් එකට ලෑස්ති වෙන්න ඕනේ කියලා. සංගාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න නම් මේ ක්‍රියාවලිය තමයි ඉතින් වෙන්න ඕනේ කියලා මල්ලි හිතන්නේ.
අති විශිෂ්ඨ නායකයෙක් අපිට නැති කරගන්න වෙනවා 2015 වෙනුවෙන්, මේ කැපකිරීමට සාධාරණයක් වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සංගා වෙනුවෙන් වැටුන හැම ශ්‍රීලාඔකේය කඳුලකම එකම පැතුම ඒකයි.
මොකද කියන්නේ?


සංගා උඹ නම් දෙයියෙක්!

මාව මතකද මන්දා.............


සමාව ඉල්ලුවට සමාව දෙන්න තරම් නම් වටින්නේ නෑ බ්ලොග් එකට තියපු පොල්ලට. අව්ලක් නෑ ඉතින්, හිතට මොකක්ද වගේ නොඉල්ලුවොත්.

එහෙනම්,
තොග ගානට සමාවෙන්න ඔනේ හැමෝම මම මේක කරන එක නවත්තලා දාලා හිටියට. මම හිතන්නේ අවුරුද්දකින් විතර මේකට පය තිබ්බේ.
බලමුකෝ ඉතින් අයේ මේක් එක හිතකින් කොරගෙන යන්න. අදහස් තිබ්බට මගේ කම්මැලිකම පත සයිස්. ඒකයි ලොකුම ඉදල.
කොහොමත් ඉතින් අමූලික වැරැද්ද මගේනේ.
ඇති ඇති, කම්මැලි කමට බොරු හේතු ලියලා පුරවන්න කැමැත්තක් නෑ. මේක ගැන තව කතා ඕනෙත් නෑ.
වැඩ පටාන් ගම්මු අයෙත්.

එළකිරි එහෙනම්, කස්ටිය මාව අයේ බාරගනී කියල හිතනවා.
ජය වේවා..........

ප.ලි- හැබැයි ටික කාලයක් යයි අයේ මේකේ ගැජමැටික් ඔප්ශන් ටික අල්ලගන්න, මතකත් නෑ මොන මොන්වා කරන්නද කියලා.

විශේෂ නිවේදනයකි- පක්ෂග්‍රාහී දේශපාලනය මම තව දුරටත් මෙහි නොලියමි.

Thursday, April 1, 2010

දන්නෝ දනිති


ආතල් එකේ කම්මැලිකමට ගෙවුනු මාස කීපයකි,
පතාක නයෙක් ද සිටිනා හුඹහකට ඇදී පට්ට සොමියෙන් සිටින කාලයකි,
පෙරදිග ලියක් සමඟ සතුටු සාමීචියේ කඩුවෙන් නෙලාගන්නා මොහොතකි,
නොටිෆිකේශන් එකක්,
කාගෙන්ද මන්දා,
අම්මටසිරි,
පත නයෙක් මගේ වෝල් එකට දෂ්ඨ කරලා,
"තොගේ බ්ලොග් එක ලියන්නේ නැත්ද? වෙලාවක් නෑ කියන බොරුව නම් කියන්න එපා"
හෆොයි, පුටුවත් රත් විය,
කට උත්තර නොමැත, කියන්න බොරුවකට දිව නැමෙන්නෙත් නැත {සොහෝදර නයින්ට බොරු නොකියන මල්ලියෙකි }
හෙමිහිට රිප්ලයි එක,
"කම්මැලිකම මිස වෙන කුමක් ද අය්යා, අද සිට ලියමි".

ප.ලි - හුදෙක් ආතල් පුනරාගමනයක් සඳහා ලියන ලද සිරා සිද්ධියකි.

Thursday, November 5, 2009

Ringing ටෝන් වෙනුවට SMS


අරලිය ගහ මන්දිරේ කුස්සියේ ඈයෝ වගේ මල්ලි නම් මේ හදන්නේ මඩ ගහන්න නෙමෙයි. Ringing ටෝන් කතාව අල්ලගෙන ගහපු මඩ ටික එක වතුර බාල්දියෙන් හෝදලා දාන්නයි.
රජාණ්ඩුවේ පත්තර වලයි, අරලියගහ මන්දිරේ කුස්සිය - ස්වාධීන රූපවාහිනියයි , මැදමුලනේ ඩෝබි වෙච්ච ජාතික නාලිකාවයි මේ දවස් වල අපේ විපක්ෂ නායකතුමාට මඩ ගහනවා මේ ringing ටෝන් කතාවක් අල්ලගෙන. මල්ලිත් ඕක දැක්කා, බොරු කියන්න ඕනේ නෑනේ, මේකේ අර්ථය එක පාරටම මල්ලිට තේරුනේ නෑ, ඒ උනාට මේක තේරුන වෙන කෙනෙක්ගෙන් මල්ලි ඉගෙනගත්තා.
දැන් මේක ලියන්න යන්නෙත් මේ කතාව නිසා හිර වෙලා ඉන්න හුදී unp කාරයන්ගේ හිත සුව පිණිස සහ .................... කාරයන්ගේ කෙලවීම පිණිසයි. :D :D :D

Ringing ටෝන් වෙනුවට SMS යැවීම
මේක බොහොම සිම්පල් සත්‍යයක්.
රාජාණ්ඩුවේ අධික බදු බර නිසා මේ ලන්තයේ කොල්ලෝ කෙල්ලෝ වැලේ වැල් නැතුව ඉන්නේ. මල්ලි වගේ කොල්ලොත් මල් කඩන්නේ දැන් ටිකක් අමාරුවෙන් අධික වියදම නිසා. කෝල් වලටයි sms වලටයි 31.4%ක විතර අධික බද්දක් ගහන නිසා තරුණ කොල්ලෝ කෙල්ලෝ ලව් එකට මැසේජ් එකක් යවන්න , කෝල් එකක් දෙන්න සල්ලි නැතුව ඉන්නේ. ඒ නිසා දැන් මල්ලිලා වගේ පැණි බේරෙන තරුණ පරම්පරාවේ කට්ටිය ගොඩක් වෙලවාට කරන්නේ මිස්ඩ් කෝල්ස් දිදී තමන්ගේ පෙම්වතියගේ හරි පෙම්වතාගේ හරි ෆෝන් එකේන් ඇහෙන ආදර බර ringing ටෝන් එක අහන එක විතරයි.
තුන් කල් දකින බුද්ධියක් තියෙන විපක්ෂ නායකතුමා ( අවාසනාවට සමහර හරක්ට අගේ තේරෙන්නේ නෑ, හරක් නෙමෙයි කියල හොඳටම ෂුවර් නම් බොරුවට තප්පුලන්න හදලා වැඩේ මාට්ටු කරගන්නත් එපා හොඳේ ) මේ තත්වය තේරුම් ගත්ත නිසයි කිව්වේ ringing ටෝන් අහ අහා ඉන්නේ නැතුව තරුණ තරුණියන්ට sms යවන්න මුදල් හම්බවෙන තරමට ශක්තිමත් ආර්ථිකයක් එයාලගේ ආණ්ඩුවකින් පිහිටවනවා කියලායි කිව්වේ.
Ringing ටෝන් වෙනුවට sms කියලා කෙටියට කිව්වට එකෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ දියුණුවක් කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැති අය තමයි මේ දවස් වල මේ කතාව අල්ලගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ. කොහොමත් ඉතින් ඒ පැත්තට කෑ ගහනවා කියන්නේ බුද්ධි මට්ටම පොඩ්ඩක් අඩු අය කියලා මල්ලි දන්න නිසා පුදුම වෙන්න තරම් දෙයකුත් නෑ නේද?

ප.ලි - මේ කතාව හරියට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නැතුව බොරුවට කෑ ගහපු අය ගැන මල්ලි ඇත්තටම කණගාටු වෙනවා, හැබැයි මල්ලිගේ හිත රවුම් නිසා කහටක් හරි තරහක් හරි තියෙන්න කොනක් නෑ.
*Ringing ටෝන් යනු දුරකතන ඇමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රතිග්‍රාහකයා දුරකතනයට පැමිණේන තුරු වාදනය වනා ගීතය හෝ සංගීත ඛණ්ඩයයි.

තව පොඩ්ඩක්, අමතර කතාවක් - ඇත්තම කියනවා නම් මේ දවස් ටිකේ මල්ලිට ලියන්න බැරි උනේ පොඩි පොඩි උන හෙම්බිරිස්සාවල් ටිකක් නිසා මෙන්ම බොක්කටම වැදිලා තිබුණු දුකක් නිසා. ඒ දුක ගැනත් ඉක්මනටම කියන්නම්, ගොඩක් අයට ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවම්, හැබැයි ගොඩක් අයගේ දුක් වලට වගේ ඒකට නම් කෙල්ලෙක් සම්බන්ධ නෑ කියලා අනිවර්යෙන්ම කියන්න ඕනේ.
ඒක කිව්වේත් සමහරක් හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි.

Thursday, October 15, 2009

සමාජයට ශාප කරමි.


කොළඹ හතේ රැලක් මැද
වුවෙමි මෝඩයෙක්
කුමක්ද වරද
මගේ ද
අම්මගේ ද තාත්තගේද
නැහැ
හැදුණු වැඩුණු සමාජයේ
දැන් කුමක් කරනුද
ශාප කරනු මිස.

සත්‍ය සිද්ධියක් ඇසුරින් ලොකු මල්ලී විසින් ලියන ලදී.

ප.ලි - මේක මම දන්න කෙනෙකුට උන සිද්දියක්, අධ්‍යාපන මට්ටමේ අඩුවක් නිසා නෙමෙයි, හැදුනු වැඩුනු සමාජ පරිසරය හා එය කොළඹ සමජයට නොගැලපීම නිසා සිදු උන දෙයක්. අහිංසක ගැමි කොල්ලෙක් පොෂ් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මැද කරකියාගන්න බැරි උනාම ඒ කොල්ල කොච්චර මානසිකව වැටෙනවද? බණ්ඩා කොළඹ ගිහින් අතරමං උනාටත් වඩා අන්තයි.
ගමෙන් කොළඹ ආපු ගොඩක් අය මේ අත්දැකීමට මූන දීලා ඇති. මොකද හැදී වැඩුන සමජ පරිසරයත්, එහි හැසිරීම් රටාවත් කොළඹට වඩා හුඟක්ම වෙනස් නිසා.