Friday, September 18, 2009

සාහිත්‍ය මාසයට මලක් කඩමු


සාහිත්‍ය මාසය
මලක් දෙකක් කඩන්න
ෆන් එකක් ගන්න
ෆැෂන් එකට BMICH යන්න
නැකත හරි.

*සරළ සිංහලෙන් කොලු ඇතුළු සියලු ප්‍රජාවට තේරෙන්න මල්ලිටත් තෙරෙන විදියට ඔන්න සාහිත්‍ය මාසය අර්ථ දැක්කුවා. මේ විදියට කිව්වම ඉතින් හුස්ම වැටෙන ඕනෙම මනුස්ස බුවෙක්ට තේරෙනවනේ.

කස්ටිය මේ දවස් වල බුක් ෆෙයාර් යන්න ගැන්සි සෙට් කරනවා ඇති නෙද? මල්ලිත් ගැන් එකට කෝල් කලා. කස්ටිය බාගයක් විතර රට අතහැරලා ගිහින්. 20ක් විතර සෙට් උනා, ඒ ඇති ගල්කිස්ස හෝටලෙන් කරන කැන්ටිම පෝසත් කරන්න. ගියා කියලා පොත් ගන්න එකක්යැ.

මල්ලි විතරක් නෙමේ, ඕකට එන බාප්පලා නැන්දලා උනත් බහුතරයක් එන්නේ කියවන්න කියලා පොත් ගන්න නෙමේ.
මේ දවස් වල BMICH එක දකින පිටරට ඕනේ සුද්දෙක් හරි කල්ලෙක් හරි හිතන්නේ මේක මාර බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් කියලා. හික් හික්ස්. ඡන්ද වලින් දිනන එළ හරක් ටික දකින නිසා මල්ලි නම් දන්නවා බුද්ධියේ තරම මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ.
හැබැයි මම කියන්නේ නෑ මේකට පොත් වල වැදගත්කම දන්න උදවිය එන්නේ නෑ කියලා. කොහොම උනත් අපි වගේ බහුතරයක් BMICH එකට මේ දවස් වල එන්නේ නම් ජොලියටත් එක්ක.
මේ දවස් වල BMICH එකට එන මිනිස්සු කන්දරාව දැක්කම ඕනේ කෙනෙක්ට හිතෙනවා මිනිස්සු මෙච්චරටම පොත් කියවනවද කියලා. පිළිතුර සරළයි, උත්තරේ අපෝ නෑ කියන එකයි. අවංකවම පොත් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ නිසා පොත් ගන්න BMICH එකට මේ දවස් වල එන්නේ රටේ පොත් කියවන ජනතාවගෙන් 1/5ක් විතරයි. ඔයාලත් ටිකක් හොඳට බලන්නකෝ එන කට්ටිය දිහා.
හැබැයි උසස් අධ්‍යාපනය කරන කස්ටිය නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා, ලොකු මල්ලිත් ඒ ගැන අවංකවම සතුටු වෙනවා. ඒ වගේම එක එක පුස්තකාල වලට පොත් ගන්න අයත් එනවා, ඒකත් බොහොම හොඳ දෙයක්. මීට අමතරව පොදුවේ ගත්තම තව යම් කිසි සුළු පිරිසකුත් ඉන්නවා මේ දවස් වල BMICH එකෙන් පොත් අරන් ප්‍රයෝජනයට ගන්න.
ඒ උනාට කොච්චර මිනිස්සු මේකෙන් පොත් ගන්නවද? ඔයාලටම පේනවනේ. හැබැයි මේ පොත් ගන්න අය ඇත්තටම මේ පොත් කියවනවද කියන එකයි ප්‍රශ්නේ ? ඒකටත් අර කලින් වගේම නෑ කියන සරළ පිළිතුරම තමයි නේද?
ඇත්තටම ලොකු මල්ලිට පේන විදියට නම් මෙහෙම මේ කාලෙට BMICH යන එක දැන් ලංකාවේ fashion එකක් වෙලා. මම හිතන්නේ ඔයාලත් ඒකට එකඟ වෙනවා ඇති.
තරුණ වයසේ ගොඩක් අය වගේම තරුණකම යන්තම් පැනගෙන එන මාමලා නැන්දලත් ගොඩක්ම එන්නේ විනෝදෙට වගේ, ඇවිත් නිකන් මෝස්තරේට පොරකාලා පොත් ටිකක් අරගෙන යනවා.
තව මොන කතාද, ලොකු මල්ලිගේ පුංචි & මාමත් හැමපාරම ඇවිත් පොත් ගොඩක් උස්සන් යනවා, ඒ උනාට ඒ ගෙනියන පොත් වලින් 1/5ක් වත් කියවන්නේ නෑ, මේවා මල්ලිගේ ඇහැට පේන සත්‍ය.
මෙහෙම මෝස්තරේට හරි ජොලියට හරි පොරකකා පොත් ගන්න එන කට්ටිය නිසා ඇත්තටම ලොකු විනාශයක් වෙනවා නොදැනුවත්වම උනත්. මොකද අධික තදබදය නිසා BMICH එකට පොත් ගන්න ගොඩක් අය එන්නෙත් නෑ, ඇත්තටම උවමනාව නිසා පොතක් ගන්න ආපු අයට අවශ්‍ය විදියට තෝරලා පොත් ගන්න වෙන්නේත් නෑ. මල්ලිට නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්.

ඒ නිසා මේ පොත් ප්‍රදර්ශනයෙන් රටේ කියවන ජනතාවගේන් බහුතරයකට සෙතක් වෙන්නේ නම් නෑ කියලා තමයි මල්ලිට හිතෙන්නේ.


* මල්ලිත් යන්නයි ඉන්නේ, කාලයක් තිස්සේ හොයන පොත් 2ක් තියෙනවා, ඒ දෙක අඩුවට කෙසේ වෙතත් වැඩි ගානටවත් ගන්න තියෙනවද කියලා බලන්න ඕනේ.

ආතල් එකට යන කට්ටිය පොරකන්න නොගිහින් කැන්ටිමෙන් කාලා ඒකේ මිනිස්සුන්ටවත් සෙතක් කරලා එන්න කියලා මල්ලි ඉල්ලීමක් කරනවා, තරහා නෑනේ?

7 යි අදහස්:

Prabhath said...

මල්ලිගෙ කතාවෙත් ඇත්ත. මමත් පහුගිය ඉරිදා ගියා ඒ පැත්තෙ. එක එක ජාතියෙ උදවිය අස්සෙ රිංගලා බොහෝම අමාරුවෙන් පොත් දෙක හොයාගත්තා. එකන පොත් ප්‍රදර්ශනෙ කෙසෙ වෙත් පැෂන් ෂෝ එකක් වගෙ තිබ්බා....ලංකාවෙ සාහිත්‍යයට ගිය කල.

දුකා said...

අපි නොහිතනව වුනාට ඔය හැමෝම පොත් කියවනවා වෙන්න බැරිද

Supun Sudaraka said...

පොත් නොකිව්වත් මොකෝ පොත් ටික විකිණෙනවනම් කියලත් හිතෙනවා එක අතකට. මොකද එහෙම කියන්නෙ, මේ කාලේ ඇඳුම් කඩේකට යන ගානෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සීයට අඩු ගානක් තමයි පොත් කඩේකට යන්නෙ. අඩුගානේ පුස්තකාලෙකට හරි. ඉතින් ලියන පොත් විකිණෙනවා අඩුයි. ඒක සාහිත්‍ය ප්‍රවර්ධනයට ලොකු පාඩුවක්. ඉතින් මෙහෙම හරි විකිණෙන එක, එක අතකින් හොඳයි. හැබැයි ටික කාලයක් යනකොට පොත් ප්‍රදර්ශනයම ඉලක්ක කරලා පොත් ගහන්න පටන් ගනීවි. එ‍තකොට නම් පොත් වල තියෙන ගුණාත්මක බව එන්න එන්නම අඩු වේවි

ලොකු මල්ලී said...

@ ප්‍රභාත් - ඒ වගේ තමා බන් එතන

@ දුකා.............. - වෙන්නත් පුළුවම්, ඒත් නොවෙන්න සම්භාවිතව වැඩි. එන අයව දැක්කම විතරක් නෙමෙයි එහෙම හිතුනේ, කතා වෙන ඒවත් ඇහුනම.

@ සුපුන් - පොත් ටික විකිණෙන එක නම් සාහිත්‍යය ප්‍රවර්දනයට සේවයක් වෙන්න පුළුවම්, නමුත් මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැත්නම් සාහිත්‍යයෙන් වැඩක් තියෙනවද ?දැනටමත් සමහරුන් මේ පොත් ප්‍රදර්ශනයම ඉලක්ක කරලා පොත් ගහනවා කිලෝ ගානට. ඕක තව වැඩි වෙයි.

අමතර - එක වසර 1.5කට විතර වහන්නයි යන්නේ නඩත්තු කටයුතු සඳහා.ලබන පාර වෙන තැනක් හොයාගන්න වෙයිද? සිරිමාවෝ එක ඇති වෙයිද දන්නේ නෑ.

Narada said...

"කස්ටිය බාගයක් විතර රට අතහැරලා ගිහින්"

තෝ මාව නොන්ඩි කරන්නද යන්නේ?

කවුරු මොකක් කිව්වත් ඇත්ත ඕකයි මල්ලී, පොත් විතරක් නෙමේ වෙලාවකට ෂෝපී මෝල් එකක් දිහා ගියත් අපේ සම(හ)රක් මිනිස්සු බඩු ගන්නේ උවමනාවට හෝ අවශ්‍යතාවයට නෙමේ විලාසිතාවක් විදිහට ලෝකයට පේන්න.

දුකා කියන තර්කය ලේසියෙන්ම බිඳ දමන්න පුළුවන් ඔය පොත් ගන්න ගියපු කට්ටියක් තොරලා මාස දෙකක් මාසයක් පස්සේ ඇහුවොත් තමුන් ගත්ත පොත ගැන හා එහි අඩංගු දේවල් ගැන. අනිවාර්යෙන්ම යම් වැඩි ප්‍රතිශතයක් දන්නේ නෑ හෝ තාම කියෙව්වේ නෑ කියාවි.

සුදාරක කියනවා වගේ හොඳක් තිබ්බට නිකං අරං ගෙදර පැත්තක දුවිල්ලට පුද කරලා වැඩක් නෑ කියක් ගත්තත්. ඊට වඩා අඩුම තරමේ ඒ පොත් පස්සේ විකුණන්න හරි පුස්තකාලයකට දන් දුන්නා නම් වටිනවා, එහෙත් එහෙම කරන්නේ කියෙන් කියෙන්...කී දෙනාද? යුද්දේ නැති කල කඩු ගත්තට වැඩක් නෑ කොස් කොටන්නේවත් නැත්තං.

සාහිත්‍ය මාසේ බලාගෙන පොත් ගහන සීන් ඒකත් මට එපාම එපා කරපු සිලික් *ද්දක්! අන්තිමේ උන්ටත් කෙලවලා අපිවත් අමාරුවේ දානවා (මාත් පොතක් ගන්න ඒක සාහිත්‍ය මාසේ නිකුත් වෙන කං බලාගෙන ඉන්නකොට බැලීන නම් ඒ යකාම තව පොත් දාලා ඒ ජාතියේම, නෙදකිං කියලා මම ගන්න ඒක ගන්න ගියා. අරං ඉතුරු කෑලි ගන්න මාස කිහිපයකින් බලද්දී Sold out. ආයිත් අච්චු ගහන දවස පෞද්ගලිකවම ඇහුවාම කියාපි "ඊළඟ සැප්තැම්බර් වල" කියලා. ඔයිට වැඩිය හොදවයින් කරදර තියෙනවා තමා.

සුද්දගේ රටේ සෘතුවක් ආරම්භයේ හෝ අවසානයේදී තමා බොහෝ පොත් නිකුත් කරන්නේ. හරියට ෆිලිම්ස් වගේ. පොත් වලට ඒ කලාව අපිටත් ආවා නම්...

අනිත් සීන් ඒක Online Book Store ඒකක නැති ඒක! ඒක නම් මහා....

neon said...

මලක් දෙකක් කඩන්න
ෆන් එකක් ගන්න
ෆැෂන් එකට BMICH යන්න
නැකත හරි.

නියමෙට කියල තියෙනවා ! හික් හික්

ලොකු මල්ලී said...

@BINKU - උඹත් ඉතින් රට අත හැරලා ගිය එකානේ බන්.

Post a Comment