Friday, September 4, 2009

හෙළ බොජුන්


හෙළ බොජුන් කියලා මේ පටන් ගත්තේ අපේ ගැටිස්සියන්ට ලංකාවේ කෑම හදන්න කියලා දෙන්න නෙමේ පබිලිස් මහත්තයා වගේ.අපේ ටීම් එක කාපු හෙළ බොජුන් ගැන කතා කරන්නයි හැදුවේ.
කනවා කියලා ඉතින් T20 මැච් වල මෙහෙමත් කන එක හරිද මම අහන්නේ? අපිත් යනවනේ ඉතින් 300ක් ගෙවල කස්ටියට චියර් පාර දාන්න, මේවා හොඳ පාඩම්. අපි මේවා ඉගෙන ගත්තු නිසා තමා දැන් ලංකාව ගහන T20 මැච් බලන්න ගියාම ලංකාවට චියර් කරන එක පැත්තකින් තියලා ආපු අක්කලාට නංගිලාට චියර්කරන්නේ. අමතර කතාවක් කිව්වේ අනාගතයේදී මැච් බලන්න යන කොල්ලන්ට වියදම් කරපු ගාන ගැන පසුතැවිළි වෙන එක වලක්වන්නයි. නැත්තන් ඉතින් මේ වගේ ගෙදරට වෙලා බ්ලොගක් ලියන් ඉන්න ඕනේ පාඩුවේ.

සේරටම කලින් මම නිකමට අහන්නේ, ලංකාවේ ටීම් එක ලංකාවේදී කනවට කියන්න ඉතින් හෙළ බොජුන් වලට වඩා නමක් තියෙනවද?
හැබැයි ඉතින් අපේ මේ කෑමට වග කියන්න ඕනේ හරක් රැළක් එකතු කරලා හදපු තේරීම් කමිටුවයි ක්‍රීඩකයන්ගෙන් කාලා ඇඳලා පාටි දදා ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයයි තමයි. මේ කස්ටියගේ වැඩ ගැන ඉතින් කතා කරනවට වඩා හොඳයි................................................, - කියන්න එන එක ලියන්න ලැජ්ජයි, මොකද ලොකු මල්ලිත් ලැජ්ජා බයට හැදුන කොල්ලෙක් දැන් මෙහෙම උනාට.
කොහොමත් ඉතින් අය්යලයි අංකල්ලයි දාලා ටීම් හදාගත්තම මැච් දිනන්න අමාරුයි කියලා අපි මතක තියාගන්න ඌනේ.

සනත් ජයසූරිය ඉතින් ලංකාවට ආඩම්බරයක් හැමදාම, එයා අපේ ක්‍රිකට් වලට කරපු සේවය අමතක කරන්න බෑනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමදාම ටීම් එකේ ඉන්න එකත් හරි නෑ නේද? අදත් විකට් 2ක් නම් ගත්තා, ඒ උනාට දැන් ගහයි දැන් ගහයි කියලා බලන් හිටියට කෝ නෑ නේ. හැම කෙනෙක්ටම තමන්ට කරන්න පුළුවම් උපරිමයක් තියෙනවා, ඒක තේරුම් අරන් වැඩ කරන එක වැදගත් කියලයි මල්ලි හිතන්නේ.
මම හිතන්නේ ලංකාවට පහළ උන අති දක්ශම ක්‍රීඩකයෙක් තමයි සනත්, තරුණ කාලේ හොඳට සෙල්ලම් කලා. ලංකාවට ලොකු කීර්තියක් ගෙනාවා. ඒ උනාට දැන් ඉතින් හිතේ හයියට ගහනවා මිසක්, ක්‍රිකට් ගහන වයසක්ද මේ? නාකි විසේ ගෙටත් උසේ කියලා කියන්නේ මේවට නෙමෙයි උනාට නෙමෙයි මත් නෙමෙයි.
කොහොම උනත් මල්ලි නම් හිතන්නේ සනත් යන්න ඕනේ කාලේ දැන් නම් හොඳටම හරි කියලයි.
තීරීම් කමිටුවේ ඉන්නේ හරක්, අපිට උන්ව හදන්නත් බෑ, උන් හැදෙන්නේත් නෑ.
ඒ කොහොම උනත් මෙතන යමක් කමක් තේරෙන මනුස්සය සනත් අංකල්.
අංකල් දැනගන්න ඕනේ කාලේ ආවම ගෞරවාන්විතව සමුගන්න. දැක්කනේ අපෙන් මෙච්චර බැනුම් අහන ඕස්ට්‍රේලියානු ටීම් එකේ ඇඩම් ගිල්ක්‍රිස්ට් බායි කිව්ව හැටි. තමන්ගේ දක්ශතා වල උපරිම කාලයේදී කල වයස හරි නිසා නවකයන්ට තැන දෙන්න එයා අයින් උනා. ඒ පැත්තෙන් නම් එයා හොඳ ක්‍රීඩකයෙක්, විවාදයක් නෑ.

මල්ලි දැක්ක විදියට නම් දැන් ඉතින් සනත් අංකලිගේ ශක්තියත් අඩුයි, ඉස්සර ගහපු පාරවල් ගහන්න ට්‍රයි කලාට හරි යන්නේ නෑ, 6ක් යන්න ගැහුවම ගොඩක් වෙලාවට 4 යන්නෙත් හරිම අමාරුවෙන්. බුදු දහමෙත් ඉතින් කියනවනෙ සියලු දේ අනිත්‍යයි, පවතින්නේ අපි කරගන්න කුසල් අකුසල් විතරයි කියලා. ඔන්න අද පෝය දවසේ මල්ලි ආගම දහමත් ටිකක් මතක් කරලා දුන්නා.

මල්ලිට නම් හිතෙන්නේ තියෙන ගෞරවය රැකගෙන අපේ සනත් අංකල් දැන් වත් බායි කිව්වොත් හොඳයි කියලයි. එයා තේරුම් ගන්න ඕනේ අළුත් දක්ශ අනාගත සනත්ලා කී දෙනෙක් අපිට නැති වෙනවද කියලා මේ වැඩ නිසා. අනික මෙහෙම තව ඉන්න එකෙන් වෙන්නේ සමුගන්න කාලය වෙනකොට රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් හොඳටම බැනුම් අහගෙන, එයා ගොඩනගාගත්තු ප්‍රතිරූපය එයාම විනාශ කරගෙන මිනිස්සුන්ට එපා කරවලාම යන්න වෙන එකයි.
දැන්ම ගියොත් එදත් අදත් හෙටත් මිනිස්සු සනත් ජයසූරියගේ විශිෂ්ඨ දක්ශතා ගැන නොඅඩුව කතා කරයි, නමුත් තවත් ඉඳලා දක්ශතා අඩු වෙලා එපා වෙලාම යන්න හිටියොත් මිනිස්සුන්ට ගුණ කතා කරන්න මතක හිටින එකක් නෑ. ලංකාවේ බොහොමයක් කස්ටියගේ හිත් ඉතින් ඉක්මනට වෙනස් වෙනවා, හැමදේම ඉක්මනට අමතක කරනවනේ.

තරුණ කාලේ දක්ශතා වලට හැමදාම තැන දෙන්න ගියොත් වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක වැඩිහිටි නිවාසයක ටීම් එකක් වගේ වෙනවා මිසක්, හැකියා වලින් සන්නද්ධ ක්‍රිකට් මැච් ගහන්න පුළුවම් ටීම් එකක් නොවෙන එකයි.

දක්ශයාට නිසි තැනත්, විශ්‍රාමිකයන්ට නිසි ගෞරවයත් කියන 2ම දෙන්න ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අසමත් නිසා..........................................................................................................................................................
-මෙතනට ගැලපෙන ඒවා ගොඩක් තියෙන නිසා ලිව්වේ නෑ, ඒ ඒ ආකාරයට ගැලපෙන ඒවා දාලා හිතාගන්න මල්ලිගේ පුළුල් දර්ශනය.

පලි - සනත් ජයසූරිය කියන අති දක්ශ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මඩ ගැසීමේ කිසිම අරමුණක් ලොකු මල්ලීට නම් ඇත්තෙම නැත, නමුත් තමන්ගේ කාලය ආවාම දුකෙන් උනත් යන්න වෙනවා කියන එක මතක් කරන්නයි මේ ටික ලිව්වේ.

අද මේ නවසීලන්තේ එක්ක ගහපු මැච් එක පැරදුන එකේ සම්පූර්ණ වගකීම සනත් පිට පවරන්න නම් නෙමෙයි මේක ලිව්වේ, පිතිකරණයෙන් නැති උනත් සනත් අද පන්දු යැවීමෙන් දක්ශතා පෙන්වපු නිසා අද ටීම් එකේ ඉන්න නිදොස් ම පුද්ගලයා සනත් කියලයි මල්ලි හිතන්නේ.

8 යි අදහස්:

Rasika Nanayakkara said...

ලොකු මල්ලි...
ඔයාගේ ලිපිය දැක්කාම කියන්න ගොඩා.....ක් දේවල් හිතට ආවා. ඒකෙන් ටිකා......ක් විතරක් කියන්නම්.

සනත්ට 40යි තමයි. හැබැයි 40 හැමෝම අංකල්ලා වුනාට සනත් අංකල් අනිත් අංකල්ලාට වඩා ගොඩාක් වෙනස්. ඉවසලා ඉන්න. එකින් 1 කියන්නම්.

ලොකු මල්ලී මැච් බලන්න පිට්ටනියටම යනවානේ. දැකලා තියෙනවා නේද සනත් අංකල් බෝලේ පස්සෙන් දුවන අපූරුව. තරුණ අයියලා හැරෙනකොට සනත් අංකල් බෝලේ ලග නේද?

//මල්ලි දැක්ක විදියට නම් දැන් ඉතින් සනත් අංකලිගේ ශක්තියත් අඩුයි, ඉස්සර ගහපු පාරවල් ගහන්න ට්‍රයි කලාට හරි යන්නේ නෑ, 6ක් යන්න ගැහුවම ගොඩක් වෙලාවට 4 යන්නෙත් හරිම අමාරුවෙන්.//

මල්ලී මට කියන්න බලන්න තාමත් කවර්ස් වලට උඩින් එක තැන ඉදගෙන 6ක් ගහන්න පුලුවන් එකම එක තරුණ අයියා කෙනෙක් අපේ ටීම් 1 ඉන්න...

මල්ලී දන්නෙ නැති වුනාට සනත් අංකල් එක් දින තරග වලදී ගහපු සීයේ ඒවා 28න් 20කට එහා ගැහුවේ අවුරුදු 35න් පස්සේ. ඒ කියන්නෙ මල්ලී කියන විදියට "අංකල්" වයසෙදි.

මල්ලී දන්නවද මන්දා 20/20 මැච් වලත් ලෝකේ 3 වෙනියට වැඩිම ලකුණු තියෙන්නේ සනත් අංකල්ට කියලා...

මැච් 1ක් පරදිනකොට ටීම් 1 තියෙන වැරදි ලොකුවට වේනවා තමා. ඒත් මල්ලී තියෙන ලොකුම අවුල තමා සනත් අංකල් එක්ක බෝඩ් වෙන්නවත් පුලුවන් කොල්ලෙක් තාම නැති 1. හිටියානම් සනත් අංකල්ට වෙන්නෙත් "වාස්" ට වෙච්ච සන්තෑසියම තමා. මම කියන්නේ නෑ සනත් අංකල් 50ක් වෙනකම් ටීම් 1 ඉන්න ඕනේ කියලා. ඒත් සනත් අංකල්ගේ තැන ගන්න තරුණ අයියා කෙනෙක් තාම ..................

ඉහත හිස්තැනට මල්ලී කැමති වචන ටිකක් දාගන්න.

වැයික්කියටම ඇවිත් මෙහෙම කෑගැහුව 1 ගැන අමනාප වෙන 1ක් නෑ කියලා හිතනවා.

සනත් අංකල් ගැන මෙතනින් ගොඩක් දේවල් මල්ලිට ඉගෙන ගන්න පුලුවන්.
http://www.cricinfo.com/slvnz2009/content/current/player/49209.html

එහෙනම් ජය වේවා කිව්වා...

neon said...

ගහනවනම් ඉතින් සනා අන්කලුත් නරක නෑ ! ඒත් ඉතින් ගහන් නති එකනෙ අවුල !

ලොකු මල්ලී said...

අය්යෝ රනා අය්යේ, කිසි අවුලක් නෑ !
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මල්ලි උපරිම ලෙස ගරු කරනවා.

බෝලේ පස්සේ පන්නන කතාව අමූලික ඇත්ත, අපේ අනිත් අයියලා සෙට් එක බලාගෙන ඉන්නකොට සනත් තනියම දුවනවා මමත් සෑහෙන්න දැකලා තියෙනවා. අල්ලගන්න බෑ කියලා පෙනුනත් උත්සාහය අත හරින්නේ නෑ, ඒ නිසාමනේ මෙච්චර කල් ඉන්නේ එයා.
සනත් අංකල් ක්‍රිකට් පොතේ නැති එයාගෙම පාරවලුයි ගහන්නේ, අය්යා කිව්ව 6යේ පාර සිරා, මල්ලිටත් ඔහොම බෑ.
ඒ උනාට සනත්ට දැන් එයාගේ පරන දක්ශතා ඒ විදියට ම පෙන්වන්න පුළුවම් ද කියන එක තමා ප්‍රශ්නේ. මොකද ලෝක කුසලානෙන් පස්සේ සනත් අංකල් එච්චර සාර්ථක උනේ නෑ වගේ, හිටපු ගමන් සාර්ථක උනාවට ඒක දිගටම අල්ලලා ගියේ නෑ.
ගහපු වාර ගණනට වඩා නොගහපු වාර ගණන වැඩි නේද?
අනිත් එක අය්යේ, බෝලේ පස්සේ පන්නලා ඇල්ලුවට විතරක් මදි මැච් එකක් දිනන්න.
ලින්ක් එකට ස්තූති!

@neon - ගහනවා නම් අංකල්ලා විතරක් නෙමේ, සීයලා ටීම් එකේ හිටියත් කමක් නෑ.
මොකද මැච් දිනන එක වැදගත්! හැම මැච් එකම දිනන්න බැරි උනත් පරාද වෙන්නම හැම එකම ගහන්න ඕනේ නෑනේ!

Udara || උදාර ධර්මසේන said...

දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා... කර වට මල් මාල දමනවා.. එකක් දෙකක් අයියෝ.. පැරදුනාම ගොයියෝ... මොකක්ද මේ කොලේ අහනවා...

Prabhath said...

ලොකු මල්ලිගේ කතාවට මාත් එකඟයි. සනා අංකල්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මිනිහා දස්සයා තමයි. හැබැයි ඒ කාලේ. දැන් ඉතින් ගෞරවය තියාගෙන විශ්‍රාම ගන්න කාලෙනෙ...
හැබැයි එකක්, සනා බෝයි කාලෙ සෑහෙන වැඩ දාපු ඩයල් එකක්. ඒවා අමතක නෑ......

ලොකු මල්ලී said...

@ Udara -පැරදුන නිසා වේදනාව තදට දැනුන නිසයි කිව්වේ, නමුත් දිනපු මැච් වලත් සනත් අසාර්ථකයි.
ලෝක කුසලානෙන් පසුව එයාට සාර්ථකත්වය රඳවගන්න බැරි උනා.

@prabath - ඒක ඇත්ත, කිස්ට් ජෑම් ගාලා පාන් පෙත්තක් කනගානේ, කාර්ගිල්ස් මැජික් අයිස් ක්‍රීම් එකක් කන ගානේ මට දැන් සනත් අංකලිගේ දක්ශතා මතක් වෙනවා.

Harindu said...

kattiyama onna sanathta fit eka nee den homben yanna kaale hari kiyalada hitan inne.......

nee putha.....sanathta tawa aurudu 2k cricket gahanna puluwan kisi gemak netuwa...

ekata balapannne BODYe fit eke nemei OLUWE fit ekai...

eda gahapu 98 khomada?

t20 ticket wedi karala needa machanla..

issara 100i 500i den 200i 1000i.........h****a hamarai... 1000k giyat kamak nee balanna yana match dinuwanam..... shi!!!!!!!!!!! sawutui

:(

ලොකු මල්ලී said...

@ හරිඳු - 98 නම් මචන්, ඒ උනාට ඒ 98 ගෙහුවේ කොච්චර කාලෙකින්ද? ඊට පස්සේ මැච් වලත් ටිකක් හරි ගහගත්තද කියන එකත් පොඩ්ඩක් කල්පනා කරපන් මචන්. අවාරෙට පොල් හැලෙනවා වගේ ක්‍රිකට් ගහන්න බෑනේ බන්. ටිකක් හිතපන් මැච්20කට 30කට සැරයක් සාර්ථක වෙන පිතිකරුවෙකුගෙන් වැඩක් තියෙනවද?

Post a Comment