Tuesday, April 5, 2011

සංගා යන්න, මම නම් ඉන්න කියන්නේ නෑ ඔබට.



සංගාගේ ලිස්සා යාම ගැන කට්ටිය ලියන්නත් ඇති. හැබැයි මම දැක්කේ නෑ, මොකද මම තාම මොකුත් බැලුවේ නෑනේ. දැනි ඉතින් හෙඩිම දැකලා කී දෙනෙක්ගේ පශ්චාත් භාගයෙන් මම කෙරෙහි මල පිට වුනිද? පොඩ්ඩකට පිහදාගෙන මේක කියවලා ඉවර උනාම කියන්න අයේ පැන්නද කියලා, මම මිනරල් වෝටර් බෝතලයක් එවන්නම් පහසුවට එතකොට.

සිරාවට සංගා යනවා කිව්වම මටත් සෑහෙන්න අප්සැට්. මම නම් දන්න කාලෙකින් මේ වගේ සිරා පොරක් අපේ ටීම් එකට නායකත්වය දුන්නේ නෑ. අමුතුවෙන් ගුණ කියන්න ඕනේ නෑනේ, මම වගේ ලෝක කුසලාන කාලෙට විතරක් ක්‍රිකට් මැච් බලන පොරක් උනත් සංගගේ හැකියාවයි, නායකත්වයයි ගැන හොඳට දන්නවනේ. මගේ මයිල් කෙලින් වෙන තරමට ශ්‍රේෂ්ඨ නියම මහත්මා ක්‍රීඩකයෙක් සංගා, ඒ වගේ වෙන කෙනෙක් ගැන තාමත් හිතාගන්න වත් බෑ මට. සංගගේ තැනට අහලකට වත් එන්න වෙන පොරක් මේ ලෝකෙම නැතුව ඇති. කැප් එක ගලෝලා ඔලුව නමලා ආචාර කරනවා හැමදාමත් පොරට.

හැබැයි සංගා යන්න ගත්තු තීරනේ ගැන මුලදි මට සැකයක් තිබ්බත් එයාගේ වචන දැක්කට පස්සේ මට හිතෙනවා ඒක හරියටම හරි, නියම ආදර්ශමත් මහත්මා තීරණයක් අරන් තියෙන්නේ අපි වෙනුවෙන් කියලා. තමන්ගේ වරප්‍රසාද ගැන නොහිතා රට ගැන හිතන දැන් ඉන්න වෙන නායකයෙක්ගේ නමක් කියන්න පුලුවම් වෙයිද කාටවත්?
සංගා කියනවා 2015 ලෝක කුසලානය වෙනකොට එයාට වයස 37ක් කියලා. ඒ වෙනකොට එයාගේ ක්‍රීඩා හැකියාව මොන තත්වයක තියේද කියලා එයාට හරියටම කියන්න බෑලු, මිනිස්සු වයසට යනවා කියන්නේ ඒක තමයිනේ ඉතින්. සංගා හිතනවා ඒ වෙනකොට දැන් වගේ එයාට හොඳ නායකයෙක්, ක්‍රීඩකයෙක් වෙන්න බැරි වෙයි කියලා සමහරවිට වයසත් එක්ක එන ශාරීරික දුර්වලතාත් එක්ක, ඕක දැක්ක ගමන් මට මාර අප්සැට්, සංගා වයසට යන එකට නෙමෙයි, මමත් ඒත් එක්කම වයසට යන එකට, ඒ ගැන මගේ දුක්බර හැඟීම පස්සේ කියන්නම්කෝ. හැබයි ඉදිරි අවුරුද්ද හෝ දෙක තුළ මම හිතන්නේ නෑ සංගාගේ හැකියාවන් වල වර්ධනයක් මිසක් අඩුවක් නම් වෙයි කියලා, වර්ධනයක් නොවුනත් අඩුමගානේ දැන් වගේ ඉහල මට්ටමක හරි තියේවි. 2015 වෙනකොට නම් ඉතින් අඩු වෙන්න පුලුවම්. ලෝක ස්වභාවයනේ ඒක.
සංගා කියන්නේ අළුත් පැනි බේරෙන කොල්ලෙක්ට කැප්ටන් කම දීලා 2015 වෙනකොට හොඳ පරිණත නායකයෙක් විදියට තමන්වයි අනිත් කොල්ලෝ ටිකවයි හදාගන්න ඉඩ දෙන්න කියලා ඒ අළුතෙන් එන කොලූට. මෙච්චර කාලයක් අපේ ක්‍රිකට් මහතැන්ලා කරපු ගොන්කම් හරි පැත්තට වෙනස් කරන්නයි සංගා මේ හදන්නේ. සිරාවට නිකමට හිතලා බලන්න අපි කවදාද කල් ඇතුව ලෝක කුසලානයකට ලෑස්ති උනේ, හැම පාරම අවුරුද්දක් එකහමාරක් තියෙලා තමයි පටන් ගන්නේ. කොහොමද ඉතින් කප් එක උස්සන්නේ? ලක් එකෙන් විතරක් වත්, නැත්නම් ලංකාවෙම ගෑනු රෙදි ගලවනවා කියලා මොරාල් එක කියන එක නැග්ගුවටවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවම්ද?

ලොකු පුටු වල සෙට් එකට සංගා වගේ ඉදිරිය දැකලා පැහැදිලි අරමුණකින් වැඩක් කරන්න පුලුවම් උන දවසක අපි කප් එක ගහයි, මේ යන විදියට නම් පුතේ හැමදාම ෆයිනල් ඇවිල්ලා කාලා රෙකෝඩ් එකක් තමයි තියන්න වෙන්නේ. හැබැයි සංගා අයින් වෙන එකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න, එහෙමත් නැත්නම් 2015දී වත් අපිට ඔය පෙනි පෙනි මිස් වෙන කප් එකට කිස් එකක් දෙන්න පුළුව්ම් වෙන තැනට වැඩ කටයුතු ටික සිද්ධ කරගන්න නම් කැප්ටන්කමට දිල්ෂාන්ව දාලා බෑ. දිල්ෂානුත් සිරා ප්ලේයර්, ඒක කවුරුත් දන්නවනේ. හැබැයි 2015 වෙනකොට මිනිහටත් වයස 38ක්, එතකොට ඉතින් කොහොම වෙයිද ඕවා? මම හිතන්නේ නෑ සංගා සිරාවටම හිතනවා කියලා දිල්ෂාන් තමයි නියම සුදුස්සා කියලා ඔය කැප්ටන් කැප් එක දාගන්න. දැකුම්කලු ඇන්ජි වගේ කොල්ලෙක්ව දාලා ටීම් එක සෙට් වෙන්න තිබ්බා නම් වැඩේ 2015දී ගොඩ දාගන්න පුළුවම්. තරංග උනත් වැඩේට ගැලපෙනවා, මාලි කොලූ උනත් අව්ලක් නෑ, ඒ උනාට මිනිහා නිකන් බෑ බෑ කියලා සනත්ටත් වඩා වයසක මිනිහෙක් ගානටනේ කතා කලේ. කොහොම උනත් ඔතනට දාන්න ඕනේ වයස 30 හෝ ඊට අඩු කොල්ලෙක්ව. මම නොදන්නවා උනාට ඔයාලා හිතන තවත් අය ඇතිනේ ඔතනට දාන්න.

මම අහලා තියෙනවා චීන්නු ජිම්නාස්ටික් වලට ලමයින්ව පුරුදු කරන්නේ අවුරුදු 2ඒ 3ඒ වගේ ඉඳන් කියලා, පොඩි කාලේ ඉඳන්ම ඇඟ නම්මවලා හදනවලු. අපිත් ඒ වගේ දැන්ම තරුණ කොල්ලෙක් දැම්ම නම් ඊලඟ අවුරුදු4 යනකොට හොඳ කැප්ටන් ඩයල් එකක් හදාගන්න පුලුවම් සංගා වගේ. එතකොට බය නැතුව කප් එක අපේ කියලා අවුරුද්දකට කලින් ඉඳන් උනත් සිංදු හදන් ඉන්න පුලුවම් අපේ කොම්පියුටර් ගායකයෝ සෙට් එකට.දැන් ඉන්න පරිණත කෙනෙක් ව දාගත්තොත් ඉතිරි අවුරුද්ද 2 අව්ලක් නෑ, නමුත් අපිට 2015 ලෝක කුසලානයට අපිව රන් කරගන්න තරම් කැප්ටන් කෙනෙක් නැති වෙන්න පුලුවම්. ඒ කාලෙට පරිණත කෙනෙක් දාලා අයේ අළුත් කරනවට වඩා හොඳයි දැන්ම තියන් පොඩ්ඩෙක්ව දාලා හෙමින් හෙමින් උගන්නලා හදලා ගන්න එක. ඒක නේද සිරාවට ගැලපෙන ස්සිස්ටම් එක?

මල්ලි හරි නම්, සංගා කියන්නේ දැන්ම ඉඳන් අපි ඊලඟ කප් එකට ලෑස්ති වෙන්න ඕනේ කියලා. සංගාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න නම් මේ ක්‍රියාවලිය තමයි ඉතින් වෙන්න ඕනේ කියලා මල්ලි හිතන්නේ.
අති විශිෂ්ඨ නායකයෙක් අපිට නැති කරගන්න වෙනවා 2015 වෙනුවෙන්, මේ කැපකිරීමට සාධාරණයක් වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සංගා වෙනුවෙන් වැටුන හැම ශ්‍රීලාඔකේය කඳුලකම එකම පැතුම ඒකයි.
මොකද කියන්නේ?


සංගා උඹ නම් දෙයියෙක්!

2 යි අදහස්:

Rachintha Jayawardhana said...

ඇත්ත, ක්‍රිකට් ගැන මගෙත් මෙලෝ දැනීමක් නැති උනාට මමත් හිතනවා ඇන්ජලෝ මැතිව්ස් කැප්ටන් දාලා අවුරුදු හතරක් ට්‍රේන් එක දුන්නනං හරි කියලා!

ලොකු මල්ලී said...

දැන් අපේ මහේලත් අයින් වෙලාලු.
හප්පේ දැනගන්නත් සංතොශයි මම වගේ තවත් තාවකාලික ක්‍රිකට් රස්සිකයෙක් ව.

Post a Comment