Thursday, November 5, 2009

Ringing ටෝන් වෙනුවට SMS


අරලිය ගහ මන්දිරේ කුස්සියේ ඈයෝ වගේ මල්ලි නම් මේ හදන්නේ මඩ ගහන්න නෙමෙයි. Ringing ටෝන් කතාව අල්ලගෙන ගහපු මඩ ටික එක වතුර බාල්දියෙන් හෝදලා දාන්නයි.
රජාණ්ඩුවේ පත්තර වලයි, අරලියගහ මන්දිරේ කුස්සිය - ස්වාධීන රූපවාහිනියයි , මැදමුලනේ ඩෝබි වෙච්ච ජාතික නාලිකාවයි මේ දවස් වල අපේ විපක්ෂ නායකතුමාට මඩ ගහනවා මේ ringing ටෝන් කතාවක් අල්ලගෙන. මල්ලිත් ඕක දැක්කා, බොරු කියන්න ඕනේ නෑනේ, මේකේ අර්ථය එක පාරටම මල්ලිට තේරුනේ නෑ, ඒ උනාට මේක තේරුන වෙන කෙනෙක්ගෙන් මල්ලි ඉගෙනගත්තා.
දැන් මේක ලියන්න යන්නෙත් මේ කතාව නිසා හිර වෙලා ඉන්න හුදී unp කාරයන්ගේ හිත සුව පිණිස සහ .................... කාරයන්ගේ කෙලවීම පිණිසයි. :D :D :D

Ringing ටෝන් වෙනුවට SMS යැවීම
මේක බොහොම සිම්පල් සත්‍යයක්.
රාජාණ්ඩුවේ අධික බදු බර නිසා මේ ලන්තයේ කොල්ලෝ කෙල්ලෝ වැලේ වැල් නැතුව ඉන්නේ. මල්ලි වගේ කොල්ලොත් මල් කඩන්නේ දැන් ටිකක් අමාරුවෙන් අධික වියදම නිසා. කෝල් වලටයි sms වලටයි 31.4%ක විතර අධික බද්දක් ගහන නිසා තරුණ කොල්ලෝ කෙල්ලෝ ලව් එකට මැසේජ් එකක් යවන්න , කෝල් එකක් දෙන්න සල්ලි නැතුව ඉන්නේ. ඒ නිසා දැන් මල්ලිලා වගේ පැණි බේරෙන තරුණ පරම්පරාවේ කට්ටිය ගොඩක් වෙලවාට කරන්නේ මිස්ඩ් කෝල්ස් දිදී තමන්ගේ පෙම්වතියගේ හරි පෙම්වතාගේ හරි ෆෝන් එකේන් ඇහෙන ආදර බර ringing ටෝන් එක අහන එක විතරයි.
තුන් කල් දකින බුද්ධියක් තියෙන විපක්ෂ නායකතුමා ( අවාසනාවට සමහර හරක්ට අගේ තේරෙන්නේ නෑ, හරක් නෙමෙයි කියල හොඳටම ෂුවර් නම් බොරුවට තප්පුලන්න හදලා වැඩේ මාට්ටු කරගන්නත් එපා හොඳේ ) මේ තත්වය තේරුම් ගත්ත නිසයි කිව්වේ ringing ටෝන් අහ අහා ඉන්නේ නැතුව තරුණ තරුණියන්ට sms යවන්න මුදල් හම්බවෙන තරමට ශක්තිමත් ආර්ථිකයක් එයාලගේ ආණ්ඩුවකින් පිහිටවනවා කියලායි කිව්වේ.
Ringing ටෝන් වෙනුවට sms කියලා කෙටියට කිව්වට එකෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ දියුණුවක් කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැති අය තමයි මේ දවස් වල මේ කතාව අල්ලගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ. කොහොමත් ඉතින් ඒ පැත්තට කෑ ගහනවා කියන්නේ බුද්ධි මට්ටම පොඩ්ඩක් අඩු අය කියලා මල්ලි දන්න නිසා පුදුම වෙන්න තරම් දෙයකුත් නෑ නේද?

ප.ලි - මේ කතාව හරියට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නැතුව බොරුවට කෑ ගහපු අය ගැන මල්ලි ඇත්තටම කණගාටු වෙනවා, හැබැයි මල්ලිගේ හිත රවුම් නිසා කහටක් හරි තරහක් හරි තියෙන්න කොනක් නෑ.
*Ringing ටෝන් යනු දුරකතන ඇමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රතිග්‍රාහකයා දුරකතනයට පැමිණේන තුරු වාදනය වනා ගීතය හෝ සංගීත ඛණ්ඩයයි.

තව පොඩ්ඩක්, අමතර කතාවක් - ඇත්තම කියනවා නම් මේ දවස් ටිකේ මල්ලිට ලියන්න බැරි උනේ පොඩි පොඩි උන හෙම්බිරිස්සාවල් ටිකක් නිසා මෙන්ම බොක්කටම වැදිලා තිබුණු දුකක් නිසා. ඒ දුක ගැනත් ඉක්මනටම කියන්නම්, ගොඩක් අයට ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවම්, හැබැයි ගොඩක් අයගේ දුක් වලට වගේ ඒකට නම් කෙල්ලෙක් සම්බන්ධ නෑ කියලා අනිවර්යෙන්ම කියන්න ඕනේ.
ඒක කිව්වේත් සමහරක් හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි.

25 යි අදහස්:

LishWish said...

ඕක තේරෙන්න තරම් මොළයක් නෑ බං ලොකු මල්ලී.., උන් කන්නේ තණකොළ බොන්නේ පුණ්ණක්කු නිසා...!

Name: Mohomed Faizal Samsudeen said...

well said...
Gov. is waiting for our opposition leader's cheeses and misinterpret them...

dont when people r going to understand dis...

හෘද සාක්ෂිය said...

ඒ කියන්නේ ඔබේ මහානර්ග වි පක ෂය නායක තුමා කියපු අනික් කතාවලත් සැඟවුනු ලොකු තේරුම් ඇති නේ... අනේ ඉතිං අපිට ඕව තේරෙන්නෙ නෑනෙ අපි ඉතිං හරක් නේ නෙ..!!

උදා:-
1. මලීට බ්‍රෙස්ලට් VCD ප්ලේයර්
2. අම්බලමේ පිනා වලං බිඳීම
3. හෝන් ගහන්න....හෝන් ගහන්න....:D
4. අපේ ගොනා අපිට හොඳා....:P
5. පස් පුරවල හදපු පස්දුන් කෝරලේ
6. තොප්පිගල කියන වනාන්තරේ :(
තව තියනවා විහිලු නිතර අප්ඩේට් වෙන නිසා පරන version අමතක වෙලා
මලීයෝ මේ ඔයාගෙ උතුමානෝ මේ වෙනකල් බලේ හිටියනම් ඔයාටත් කන්න වෙන්නෙ _ක තමා

budhajeewa said...

එතකොට ඡන්ද තියන දිනේ රනිල්ට අමතක වීමේ, හරක් වන අපිට තේරෙන්නේ නැති ගුප්තාර්ථය මොකක්ද?

Anonymous said...

@ sanxyadix blog
බ්‍රෙස්ලට් VCD ප්ලේයර් නිකන් කොහෙවත් දන්සැල් වල බෙදන්නේ නෑ නේද ? එවා ගන්න සල්ලි ඔනෙ වෙනවා නේද ? එහෙම වෙන්න රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඔනේ කියලා තේරෙන්නේ නැති බව නේද ඔබතුමා/තුමිය(නැත්තම් දෙකටම නැති) පෙන්නලා දීලා තියෙන්නේ ?

හෝන් ගහන්න....හෝන් ගහන්න කියන්නේ ශබ්ද විරොධතාව පටන් ගත්තෙත් මහින්දයානේ !!
පස් පුරවල හදපු පස්දුන් කෝරලේ ගැන තියෙන්නේ මේජර් ජෙන‍රාල් මේදානන්ද උපදේශකත්වය දුන්න පොතේ නෙ !!

මෙයින් රනිල් වික‍්රමසිංහ විහිලු කතා කියලා නැහැයි කියලා කියවෙන්නේ නෑ. ඒත් ඉතින් ඒ වගේ විශිෂ්ඨයෙක්ගෙන් මේ රට ප‍්රයොජන ගන්නේ නැති එක නම් විශාල පාපයක් !!

@ Supun Budhajeewa

රනිල්ටත් ටෙලිප‍්රොප්ට‍්රයක්ද මොකක්ද එකක් දුන්නොත් දෙමලත් කතා ක‍්රයි !! ඒ ගැන හිතේ කහටක් තියා ගන්න එපා !! ලොල්

Narada said...

මහා රාජාණෝ වගේ ඉටු කරන්නේ නැති පොරොන්දු දෙනවට වඩා තමුන් ඕන නාඩගම් කරනවවාට වඩා මේ පොරොන්දු හොඳයි. අඩු ගානෙ කන්න බොන්න ලාබෙට දෙනව කියල රවටන්නේ නැහැනේ. නිකං බොරු චින්තනවලට වඩා අඩු ගානේ වැඩකට නැති පොරොන්දු හොඳ නැද්ද?

Sasika Nanayakkara said...

අනේ බන් නිකන් ඔය බුරුවා කියන ගොන් කථා සධාරණය කරන්න ගිහින් උබත් බුරුවෙක් වෙන්නැතුව ඉදපන්.දැන් නංගිලාට මල්ලිලාට තියෙන ලොකුම ගැටළුව රිගින්ටොන් එස්එම්එස් කරගන්න එකනෙමේ කියන එක පොඩ්ඩක් තෙරුන්ගෙන නායකතුමාටත් තේරුන්කරලා දියන්.මොකද මේ වගේ ගොන් කථා කිය කිය හිටියොත් ඉතින් රනිල්ට කියන්න වෙන්නේ අපි ඔක්කොම රජවරුු සිංදුව විතරමයි.

malee_msg said...

නෑ ඉතිං කමක් නෑ.. මොකවත්ම නැති ‍එකේ ඔය පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙලා අපිට විහිළු ටිකක් වත් සප්ලයි කරන එක හොදයි නැද්ද? මම නම් කැමතියි!

ලොකු මල්ලී said...

අපේ සහෝදරවරුන්ට මම උත්තර දෙන්න ඕනේ නෑනේ.
අපේ මල් මාමා ඔය හොඳට හරකෙකුට උනත් තේරුම් ගන්න පුළුවම් විදියට උත්තර දීලා තියෙන්නේ.
ටෙලේප්‍රොම්ප්ටරයද මොකක්ද එක නම් යස අගේට අපේ රජතුමා පාවිච්චි කරනවා.
බොරු පොරොන්දු නෙමෙයි මෙතන තියෙන්නේ, කරන්න පුළුවම් එවයි කියන එකයි මල්ලි හිතන්නේ.
චින්තන තුමා උපධිධාරීන්ට රස්සාවල් දෙනවා කියල රවට්ටලා පොල්ල තිබ්බා, දැක්කනේ එදා උද්ඝෝෂනය. ඒ වගේ බොරු කතා කියන්නේ නෑ.
ඡන්දය තියෙන දිනය පැටළුන එක නම් පොඩි අඩුපාඩුවක්. ඒකට කෑගහන්නේ නැතුව පුළුවම් නම් කියන්න කිසිම දෙයක් වරද්දගත්තේ නැති මනුස්සයෙක් බුදුහාමුදුරුවෝ හැරෙන්න. අන්න ඒකට උත්තරේ හොයගත්තම තේරෙයි හරක් වන ඔබලාගේ ගුප්තාර්ථය.

මේවා කිව්වට ඔයලා කා එක්ක වත් මල්ලිගේ තරහක් නෑ කලින් කිව්ව වගේ.

ලොකු මල්ලී said...

අන්න තවත් බූරුවෙක්. හික් හික්ස්.
මිනිහට මෙච්චර පැහැදිළි කරලත් තේරිලා නෑ මෙකෙන් කියන ආර්ථිකය දියුනු කරනවා කියන එක.
කමක් නෑ මචන්, මට උඹේ තත්වේ තේරෙනව. උම්බලට කතා කරලා වැඩක් නෑ බන්.
මලී මැසේජ්- ඔයාටත් තේරිලා නෑ නේද, එකනේ මේ වෙන වෙන කතා කියන්නේ.
කමක් නෑ, මල්ලිගේ අනුකම්පාව පිලිගන්නකෝ.

Octa HeliX said...

අපේ කරුමෙට හරි මේ මනුස්සයගෙ කරුමෙට හරි, මේ රටේ ඉන්න බහුතරයක් එවුන් හිතන්නෙ _කෙන්, එකයි අවුල. කිසිම දෙයක් මොළෙන් හිතලා තේරුම් ගන්න හැකියාවක් තියෙන එවුන් නෙවෙයි ඉන්නෙ.

එහෙම එවුන් හිටියා නං දැන් ලංකාව මීට වඩා වෙනස් රටක්.

ems said...

සමහරුන්ට ඉතිං මහින්ද ලොක්කා ගිරිය කඩා ගෙන,පපුවට ගහගෙන ගහගෙන ගිහින්,රෙද්දෙ රෙවාගෙන කෑ ගැහුවම මාර ජන නායකයා.මහින්දලාගේ ආණ්ඩු හැමදාම කරන්නේ ඡන්දයක් ළංවෙලා පඩි වැඩි කරලා,ණය දීලා,පිනට දීලා යනවා.ඊට පස්සේ එන ආණ්ඩුව ඉතිං ඒ කරුමෙත් ගෙවන්න ඕනෙ.මෙලෝ කාලෙක දුර බලලා වැඩ කරපු එවුන් නෑනේ.
අන්න රනිල් ලොක්කා...දෙන්න බැරි නම්,දෙන්න බෑ කියලා කෙළින්ම කිව්වා.දැන් ඉන්න යක්කු රනිල්ට බැනලා බලයට ඇවිත්,රනිල් හදපු යොවුන් සේනාංකෙ සල්ලි අරන් රස්සා දුන්නා.දැන් රස්සා ලැබුන එවුන්ට කරන්න වැඩකුත් නෑ.රටට වැඩකුත් නෑ.

හෘද සාක්ෂිය said...

@ems
ඇයි බං රනිල්ල හදපු යුධ්දෙ නවත්තල ක‍රපු අප‍රාදෙ ඒක තිබ්බනම් තව චිරාත් කාලයක් වවාගෙන කන්න තිබුනනේ. දැන් ඉතිං හමුදාව නිකං පඩි ගන්නවා එවුන්ට කරන්න වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. එතකොට රනිල්ල සිංහ‍රාජෙ,සීගිරිය එහෙම විකුනල රට දියුනු ක‍රන්න හදපුව නවත්තපුවට ජනාධිපති තුමාට සහ ගනන්න ඕන.......??

ලොකු මල්ලී said...

@octa - කරුමයක් ම තමා.
උඹත් මචන් නියම මොලේ තියෙන පොරක් කියලා මම දන්නවා, මොකද මම උඹව හොඳට කෙසේ වෙතත් සෑහෙන්න දන්නවා.
@ems-ඕවා පරණ බොරු මල්ලී, සාටක කාරයෝ ඕවා කිව්වට සාක්ෂි නෑ.
මට කියන්න දැන් කව්ද එතකොට සිංහරාජේ අක්කර46ක ගස් කපලා ගෙවල් හැදුවේ කියලා. රාජවන්ශයේ අය නෙමෙයිද?

ලොකු මල්ලී said...

සමාවෙන්න @ ems නෙමෙයි @sanxyadix blog.

Rachintha Jayawardhana said...

එළ ලිපිය !

wahupatta said...

මෙන්න කොටි කුන්ඩා නොහොත් බින්කුවා නොහොත් ප්‍රභාගේ හොර ශොට් එක ආයි බුරනවා......
"මහා රාජාණෝ වගේ ඉටු කරන්නේ නැති පොරොන්දු දෙනවට වඩා තමුන් ඕන නාඩගම් කරනවවාට වඩා මේ පොරොන්දු හොඳයි".

යකෝ බොරු පොරොන්දු දුන්නේ මහ රජාද?යුද්දෙ ඉවර කොරලා තොගෙ අප්පා එලොව යෑව්වේ රනිල් වික්‍රමසින්හද?යකො බුරුවෝ තෝ ලංකාවේ එකෙක්ද????නිකන් පුක නොදි ඉදපන් රනිල්ට......තෝ කියන කතා අහුවාම මෙහේ ගොනෙකුට උනත් තේරෙනවා තෝ දෙන්නේ කාටද කියලා.....උම්බෑ.........ලොකුමල්ලි නම් විලිලෑජ්ජා නතිවම ....දීලා............මේ බ්ලොගෙ බලන අය මේ ලොක්කාගේ දර්ශනේ තේරුම්ගනිත්වා

Anonymous said...

මහ රජතුමා නම් දුන්න පොරොන්දු ඕනෑවටත් වැඩිය ක‍රා !!! මැද පෙරදිග ගොවීන්ටත් පොහොර සහනාධාර යටතේ 350ට පොහොර දුන්නනේ !!!

ඇයි එතකොට මාධ්ය නිදහස නම් උප‍්රිමෙන්ම ආරක්ශා කලා !! කොච්ච‍්ර ලස්සනට ඒක කලාද නියම මාධ්ය මිතුරෙකු ලෙසින්.....

ලොකු මල්ලී said...

නැතුව නැතුව, රජතුමාලා ඔය 10%ක් වගේ පොඩ්ඩක් කොමිස් ගැහුවට කඩාවැටෙන්න හරි පාළම් ටිකත් ගැහුවා තමයි.

කට උත්තර නැති උනාම wahupatta වගේ අය ඉතින් එක එකාට ආඩපාලි කියන එක ඉතින් අරුමයක් නෙමෙයි. මොනවා කරන්නද සහෝදරයා, ඔයා හදන්නේ හොරු ටිකක් සුද්ධ කරන්නනේ. සහෝදරයගේ පරම්පරාවේ අය දෙන ඒවා ගැන බොරුවට අනිත් අයට කෑගහන්න එපා. අනේමන්දා ඔවාට ඉතින් දෙමව්පියොත් වැරදි කියලයි හිතෙන්නේ මේ වගේ අසික්කිත කතා කියන පුත්තු හැදුවාම.

හෘද සාක්ෂිය said...

අනේද කියන්නේ ඔය වි පක ෂය නායක තුමාල අවුරුදු 18ක් තිස්සෙ ලස්සනට හදල තිබුන රට නේ මේ ආන්ඩුවයි ජනාදිපතිතුමයි කන්නේ.ඒ කාලෙ මේක කේතුමතී රජදහන වගේ නොවැ තිබුනේ....

එයාගෙ මාම එහෙම අර දුන්නු ඇට8 එහෙම මතක ඇතිනේ(8ක් තියා 2ක් වත් දුන්න නම් ඉතිං)

@wahupatta මචං "නිකන් පුක නොදි ඉදපන්" ඔහොම කියන්න එපා රනිල්ට, ඔය මල්ලිලා වැඩක් නෑ එයා හොද පිරිමියෙක් :P
(හැබැයි පුතෝ ඔය කතාවට ත‍රහ යන අයත් ඉන්නවා මොකද රනිල් දින්නොත් එහෙම ඔයාට කැබිනට් ඇමතිකමක් දෙයි කියලා)

wahupatta said...

යකෝ ලොකු මල්ලිගෙ බ්ලොග් එකේ උගේ රනිල්ට පුක දෙන්නෙ නෑතිව කොමෙන්ට් කරපු ඔක්කොම හරක්ලු.
*සටන් විරාමයක් ගසා අපේ අයට කොටින්ට බදු ගෙවා යාපනයට යෑමට අව්ස්තාව ලබා දීම

*හමුදාවට රෙද්ද උස්සා පුක පෙන්නුවත් කොටි මහත්වරුන්ට අචාර කිරීම

*උපාදිදාරින්ට නෙමෙයි ,,,චක්‍ර ලේකයක් ගසාම එකෙක් වත් රාජ්ජ සේවයට බදවා නොගෑනීම

*විශ්‍රාම වෑටුප අහෝසි කිරීම

කොයි තරම් උගත් නායක තුමෙක්ද ඒකනේ මිනිස්සු මේ තරම් මනාප දෙන්නේ?????
lokumalli wageama budhdhimath oyage naaayaka thumaa...සාමෙ කාලෙ කොයි තරම් හොදද,බෝම්බ පිපුරුනෙ නෑ,......ලොකු මල්ලි යාපනෙත් යන්න ඈතිනේ....එතුමා අවුරුදු දෙකට මොන තරම් දේවල් කොලාද රටට,,,,,අනෙ ඒක මේ හරක්ට තේරෙන්නේ නෑ නේ මල්ලි....

නිලැස් | Niles said...

ලිපියේ යම්කිසි තාර්කික භාවයක් තියෙනවා... නමුත් එතනදි රනිල් අදහස් කළේ ringing toneද ring cutද කියන ගැටළුව මට තියෙනව... 1990 දශකයේ මුල භාගයේ ලංකාවට ජංගම දුරකථන හඳුන්වා දෙද්දී කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමැති හැටියට රනිල් කිව්වලු තව අවුරුදු කීපයකින් පොල් කඩන මනුස්සය ලඟත් ජංගම දුරකථනයක් තියෙයි කියල.... ඒක ඒ කාලෙ විහිළුවක් උනාට අද ඒකෙ ඇත්ත නැත්ත අපි සේරම දන්නවා....කෙසේ වෙතත් මේ ඩිංගත් කියන්න ඕනෙ කොච්චර හොඳ අදහසක් උනත් market කරන්න බැරි නම් අවුලක්.... අද දේශපාලනේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම run වෙන්නෙ marketing මත... ඉතින් රනිල් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.... teleprompter භාවිතා නොකිරීම ඔහුගේම වැරැද්ද...

ලොකු මල්ලී said...

@Niles -බුද්ධිමත්ව කාරණය දැකපු එක ගැන ගොඩක් සතුටුයි.
මිස්ඩ් කෝල්ස් දෙනකොට ඇහෙන ටෝන් එක තමයි මෙතන අදහස් කලේ.
රජතුමාගේ උපකරණය පාවිච්චි කලා නම් ඔය අව්ල නෑ තමා.

sasankachemeng said...

since I'm very slow in writing in sinhala font, i'm commenting in English. pardon me!
Omce I first saw this news bulletin I too felt that Ranil intended to day 'Ring Cuts'. But this note by Loku Malli kept me thinking that there can be several explanations as for what he was trying to say; though i don't say its the right explanation thanks for the efforts to open up the minds!!
There is no doubt that Ranil is a leader with a very broad vision especially from his economic perspective. He understands the globalized modern economy and knows that SL can't survive as a closed economic segment.
But like Niles said the problem is ranil's inability to understand the 'political market' of SL, where u should directly say what u have to say in plain words. no matter how smart u and ur products are if u don't market it in the right way, it would be a failure.
For the country's sake I hope Ranil would figure that out and people will figure Ranil out!!!
thanks again Loku malli for blogging for a worthy purpose.
Sasanka.

Thidas said...

the other side of this issue is that the Gvt thinks mobile phones are very urban. according to them, giving huge publicity that statement can have an impact over rural masses who become the decisive factor at elections. the impression they are trying to create among those people is that Ranil is a person who talks about urban luxuries and he can never understand the thinking of ordinary Man. I think the government has mistaken in this assessment. its obvious that mobile phones are now everywhere in Sri Lanka, in every community , from the rich to the poor. therefore, not having enough credits to send an sms is no longer a problem which is confined to a certain class of people. it is a problem strongly felt by all of us.

Post a Comment