Thursday, November 5, 2009

Ringing ටෝන් වෙනුවට SMS


අරලිය ගහ මන්දිරේ කුස්සියේ ඈයෝ වගේ මල්ලි නම් මේ හදන්නේ මඩ ගහන්න නෙමෙයි. Ringing ටෝන් කතාව අල්ලගෙන ගහපු මඩ ටික එක වතුර බාල්දියෙන් හෝදලා දාන්නයි.
රජාණ්ඩුවේ පත්තර වලයි, අරලියගහ මන්දිරේ කුස්සිය - ස්වාධීන රූපවාහිනියයි , මැදමුලනේ ඩෝබි වෙච්ච ජාතික නාලිකාවයි මේ දවස් වල අපේ විපක්ෂ නායකතුමාට මඩ ගහනවා මේ ringing ටෝන් කතාවක් අල්ලගෙන. මල්ලිත් ඕක දැක්කා, බොරු කියන්න ඕනේ නෑනේ, මේකේ අර්ථය එක පාරටම මල්ලිට තේරුනේ නෑ, ඒ උනාට මේක තේරුන වෙන කෙනෙක්ගෙන් මල්ලි ඉගෙනගත්තා.
දැන් මේක ලියන්න යන්නෙත් මේ කතාව නිසා හිර වෙලා ඉන්න හුදී unp කාරයන්ගේ හිත සුව පිණිස සහ .................... කාරයන්ගේ කෙලවීම පිණිසයි. :D :D :D

Ringing ටෝන් වෙනුවට SMS යැවීම
මේක බොහොම සිම්පල් සත්‍යයක්.
රාජාණ්ඩුවේ අධික බදු බර නිසා මේ ලන්තයේ කොල්ලෝ කෙල්ලෝ වැලේ වැල් නැතුව ඉන්නේ. මල්ලි වගේ කොල්ලොත් මල් කඩන්නේ දැන් ටිකක් අමාරුවෙන් අධික වියදම නිසා. කෝල් වලටයි sms වලටයි 31.4%ක විතර අධික බද්දක් ගහන නිසා තරුණ කොල්ලෝ කෙල්ලෝ ලව් එකට මැසේජ් එකක් යවන්න , කෝල් එකක් දෙන්න සල්ලි නැතුව ඉන්නේ. ඒ නිසා දැන් මල්ලිලා වගේ පැණි බේරෙන තරුණ පරම්පරාවේ කට්ටිය ගොඩක් වෙලවාට කරන්නේ මිස්ඩ් කෝල්ස් දිදී තමන්ගේ පෙම්වතියගේ හරි පෙම්වතාගේ හරි ෆෝන් එකේන් ඇහෙන ආදර බර ringing ටෝන් එක අහන එක විතරයි.
තුන් කල් දකින බුද්ධියක් තියෙන විපක්ෂ නායකතුමා ( අවාසනාවට සමහර හරක්ට අගේ තේරෙන්නේ නෑ, හරක් නෙමෙයි කියල හොඳටම ෂුවර් නම් බොරුවට තප්පුලන්න හදලා වැඩේ මාට්ටු කරගන්නත් එපා හොඳේ ) මේ තත්වය තේරුම් ගත්ත නිසයි කිව්වේ ringing ටෝන් අහ අහා ඉන්නේ නැතුව තරුණ තරුණියන්ට sms යවන්න මුදල් හම්බවෙන තරමට ශක්තිමත් ආර්ථිකයක් එයාලගේ ආණ්ඩුවකින් පිහිටවනවා කියලායි කිව්වේ.
Ringing ටෝන් වෙනුවට sms කියලා කෙටියට කිව්වට එකෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ දියුණුවක් කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැති අය තමයි මේ දවස් වල මේ කතාව අල්ලගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ. කොහොමත් ඉතින් ඒ පැත්තට කෑ ගහනවා කියන්නේ බුද්ධි මට්ටම පොඩ්ඩක් අඩු අය කියලා මල්ලි දන්න නිසා පුදුම වෙන්න තරම් දෙයකුත් නෑ නේද?

ප.ලි - මේ කතාව හරියට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නැතුව බොරුවට කෑ ගහපු අය ගැන මල්ලි ඇත්තටම කණගාටු වෙනවා, හැබැයි මල්ලිගේ හිත රවුම් නිසා කහටක් හරි තරහක් හරි තියෙන්න කොනක් නෑ.
*Ringing ටෝන් යනු දුරකතන ඇමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රතිග්‍රාහකයා දුරකතනයට පැමිණේන තුරු වාදනය වනා ගීතය හෝ සංගීත ඛණ්ඩයයි.

තව පොඩ්ඩක්, අමතර කතාවක් - ඇත්තම කියනවා නම් මේ දවස් ටිකේ මල්ලිට ලියන්න බැරි උනේ පොඩි පොඩි උන හෙම්බිරිස්සාවල් ටිකක් නිසා මෙන්ම බොක්කටම වැදිලා තිබුණු දුකක් නිසා. ඒ දුක ගැනත් ඉක්මනටම කියන්නම්, ගොඩක් අයට ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවම්, හැබැයි ගොඩක් අයගේ දුක් වලට වගේ ඒකට නම් කෙල්ලෙක් සම්බන්ධ නෑ කියලා අනිවර්යෙන්ම කියන්න ඕනේ.
ඒක කිව්වේත් සමහරක් හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි.

Thursday, October 15, 2009

සමාජයට ශාප කරමි.


කොළඹ හතේ රැලක් මැද
වුවෙමි මෝඩයෙක්
කුමක්ද වරද
මගේ ද
අම්මගේ ද තාත්තගේද
නැහැ
හැදුණු වැඩුණු සමාජයේ
දැන් කුමක් කරනුද
ශාප කරනු මිස.

සත්‍ය සිද්ධියක් ඇසුරින් ලොකු මල්ලී විසින් ලියන ලදී.

ප.ලි - මේක මම දන්න කෙනෙකුට උන සිද්දියක්, අධ්‍යාපන මට්ටමේ අඩුවක් නිසා නෙමෙයි, හැදුනු වැඩුනු සමාජ පරිසරය හා එය කොළඹ සමජයට නොගැලපීම නිසා සිදු උන දෙයක්. අහිංසක ගැමි කොල්ලෙක් පොෂ් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මැද කරකියාගන්න බැරි උනාම ඒ කොල්ල කොච්චර මානසිකව වැටෙනවද? බණ්ඩා කොළඹ ගිහින් අතරමං උනාටත් වඩා අන්තයි.
ගමෙන් කොළඹ ආපු ගොඩක් අය මේ අත්දැකීමට මූන දීලා ඇති. මොකද හැදී වැඩුන සමජ පරිසරයත්, එහි හැසිරීම් රටාවත් කොළඹට වඩා හුඟක්ම වෙනස් නිසා.

Friday, September 18, 2009

සාහිත්‍ය මාසයට මලක් කඩමු


සාහිත්‍ය මාසය
මලක් දෙකක් කඩන්න
ෆන් එකක් ගන්න
ෆැෂන් එකට BMICH යන්න
නැකත හරි.

*සරළ සිංහලෙන් කොලු ඇතුළු සියලු ප්‍රජාවට තේරෙන්න මල්ලිටත් තෙරෙන විදියට ඔන්න සාහිත්‍ය මාසය අර්ථ දැක්කුවා. මේ විදියට කිව්වම ඉතින් හුස්ම වැටෙන ඕනෙම මනුස්ස බුවෙක්ට තේරෙනවනේ.

කස්ටිය මේ දවස් වල බුක් ෆෙයාර් යන්න ගැන්සි සෙට් කරනවා ඇති නෙද? මල්ලිත් ගැන් එකට කෝල් කලා. කස්ටිය බාගයක් විතර රට අතහැරලා ගිහින්. 20ක් විතර සෙට් උනා, ඒ ඇති ගල්කිස්ස හෝටලෙන් කරන කැන්ටිම පෝසත් කරන්න. ගියා කියලා පොත් ගන්න එකක්යැ.

මල්ලි විතරක් නෙමේ, ඕකට එන බාප්පලා නැන්දලා උනත් බහුතරයක් එන්නේ කියවන්න කියලා පොත් ගන්න නෙමේ.
මේ දවස් වල BMICH එක දකින පිටරට ඕනේ සුද්දෙක් හරි කල්ලෙක් හරි හිතන්නේ මේක මාර බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් කියලා. හික් හික්ස්. ඡන්ද වලින් දිනන එළ හරක් ටික දකින නිසා මල්ලි නම් දන්නවා බුද්ධියේ තරම මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ.
හැබැයි මම කියන්නේ නෑ මේකට පොත් වල වැදගත්කම දන්න උදවිය එන්නේ නෑ කියලා. කොහොම උනත් අපි වගේ බහුතරයක් BMICH එකට මේ දවස් වල එන්නේ නම් ජොලියටත් එක්ක.
මේ දවස් වල BMICH එකට එන මිනිස්සු කන්දරාව දැක්කම ඕනේ කෙනෙක්ට හිතෙනවා මිනිස්සු මෙච්චරටම පොත් කියවනවද කියලා. පිළිතුර සරළයි, උත්තරේ අපෝ නෑ කියන එකයි. අවංකවම පොත් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ නිසා පොත් ගන්න BMICH එකට මේ දවස් වල එන්නේ රටේ පොත් කියවන ජනතාවගෙන් 1/5ක් විතරයි. ඔයාලත් ටිකක් හොඳට බලන්නකෝ එන කට්ටිය දිහා.
හැබැයි උසස් අධ්‍යාපනය කරන කස්ටිය නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා, ලොකු මල්ලිත් ඒ ගැන අවංකවම සතුටු වෙනවා. ඒ වගේම එක එක පුස්තකාල වලට පොත් ගන්න අයත් එනවා, ඒකත් බොහොම හොඳ දෙයක්. මීට අමතරව පොදුවේ ගත්තම තව යම් කිසි සුළු පිරිසකුත් ඉන්නවා මේ දවස් වල BMICH එකෙන් පොත් අරන් ප්‍රයෝජනයට ගන්න.
ඒ උනාට කොච්චර මිනිස්සු මේකෙන් පොත් ගන්නවද? ඔයාලටම පේනවනේ. හැබැයි මේ පොත් ගන්න අය ඇත්තටම මේ පොත් කියවනවද කියන එකයි ප්‍රශ්නේ ? ඒකටත් අර කලින් වගේම නෑ කියන සරළ පිළිතුරම තමයි නේද?
ඇත්තටම ලොකු මල්ලිට පේන විදියට නම් මෙහෙම මේ කාලෙට BMICH යන එක දැන් ලංකාවේ fashion එකක් වෙලා. මම හිතන්නේ ඔයාලත් ඒකට එකඟ වෙනවා ඇති.
තරුණ වයසේ ගොඩක් අය වගේම තරුණකම යන්තම් පැනගෙන එන මාමලා නැන්දලත් ගොඩක්ම එන්නේ විනෝදෙට වගේ, ඇවිත් නිකන් මෝස්තරේට පොරකාලා පොත් ටිකක් අරගෙන යනවා.
තව මොන කතාද, ලොකු මල්ලිගේ පුංචි & මාමත් හැමපාරම ඇවිත් පොත් ගොඩක් උස්සන් යනවා, ඒ උනාට ඒ ගෙනියන පොත් වලින් 1/5ක් වත් කියවන්නේ නෑ, මේවා මල්ලිගේ ඇහැට පේන සත්‍ය.
මෙහෙම මෝස්තරේට හරි ජොලියට හරි පොරකකා පොත් ගන්න එන කට්ටිය නිසා ඇත්තටම ලොකු විනාශයක් වෙනවා නොදැනුවත්වම උනත්. මොකද අධික තදබදය නිසා BMICH එකට පොත් ගන්න ගොඩක් අය එන්නෙත් නෑ, ඇත්තටම උවමනාව නිසා පොතක් ගන්න ආපු අයට අවශ්‍ය විදියට තෝරලා පොත් ගන්න වෙන්නේත් නෑ. මල්ලිට නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්.

ඒ නිසා මේ පොත් ප්‍රදර්ශනයෙන් රටේ කියවන ජනතාවගේන් බහුතරයකට සෙතක් වෙන්නේ නම් නෑ කියලා තමයි මල්ලිට හිතෙන්නේ.


* මල්ලිත් යන්නයි ඉන්නේ, කාලයක් තිස්සේ හොයන පොත් 2ක් තියෙනවා, ඒ දෙක අඩුවට කෙසේ වෙතත් වැඩි ගානටවත් ගන්න තියෙනවද කියලා බලන්න ඕනේ.

ආතල් එකට යන කට්ටිය පොරකන්න නොගිහින් කැන්ටිමෙන් කාලා ඒකේ මිනිස්සුන්ටවත් සෙතක් කරලා එන්න කියලා මල්ලි ඉල්ලීමක් කරනවා, තරහා නෑනේ?

Friday, September 11, 2009

හෙණ ගහපන්!


මේක නම් වැඩි ලියන්න හිතදෙන මතෘකාවක් නෙමෙයි, අනික මම වැඩිය කියන්න යන්නෙත් නෑ මම ආවේගශීලී වෙන නිසා මේ කාරණයෙදි. පාරේ යන සුදු වෑන් වලට අත දාන්න ඕනේ නෑනේ.

අවුරුදු 30ක් තිබුණ් කුරිරු යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට රාජ්‍ය මාධ්‍ය වලින් රස කර කර තලු මර මර කියපු ප්‍රවෘත්තියක් තිබුනා. ඒ තමයි ඉහළ පෙළේ කොටි නායකයෝ 2ක් උන ජෝර්ජ් මාස්ටරුයි දයා මාස්ටරුයි අපේ හමුදාවට බාර උන එක.
ඒ දෙන්න ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොයි ජාතියේ බඩු දෙකක්ද, කලේ මොනවද කියලා. එ දවස් වල උප්පත්තියේ ඉඳන් කිව්වනේ එයාලගේ.
කොහොම උනත් මෙච්චර දවසක් කොටි ප්‍රහාර වලින් ශ්‍රීලාංකිකයන්ට උන හැම ප්‍රහාරයකම වගකීම ඒ දෙන්නටත් පැටවෙනවා. අනික කේ.පී අංකල් හැරුනම ඉන්න ප්‍රදාන කොටි ප්‍රබලයෝ 2ක්නේ.

හැබැයි ඉතින් අන්තිමටම කොටි මාස්ටර්ලා 2 ලක්ෂ25 ගානේ ඇප ගෙවලා ගෙදර ගියා, පත්තරේට ලිවුමක් ලියපු තිස්සනායගම් මහත්තයා අවුරුදු 20කට හිරේ ගියා.

අනේ මන්දා ඉන්තින් මේ සිම්පල් ප්ලෑන් අස්සේ සංකීර්ණ ප්ලෑනුත් තියෙන නිසා වෙන්න ඇති හුදී ජනයා උන අපිට තේරෙන්නේ නැත්තේ මේක උනේ කොහොමද කියලා.

එක්සත් ශ්‍රීලංකා රාජධානියේ නීතිය ඉෂ්ඨ සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයටලු.

ප.ලි - හෙණ ගහන්න ඕනේ කාටද කියලා මල්ලි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

Friday, September 4, 2009

හෙළ බොජුන්


හෙළ බොජුන් කියලා මේ පටන් ගත්තේ අපේ ගැටිස්සියන්ට ලංකාවේ කෑම හදන්න කියලා දෙන්න නෙමේ පබිලිස් මහත්තයා වගේ.අපේ ටීම් එක කාපු හෙළ බොජුන් ගැන කතා කරන්නයි හැදුවේ.
කනවා කියලා ඉතින් T20 මැච් වල මෙහෙමත් කන එක හරිද මම අහන්නේ? අපිත් යනවනේ ඉතින් 300ක් ගෙවල කස්ටියට චියර් පාර දාන්න, මේවා හොඳ පාඩම්. අපි මේවා ඉගෙන ගත්තු නිසා තමා දැන් ලංකාව ගහන T20 මැච් බලන්න ගියාම ලංකාවට චියර් කරන එක පැත්තකින් තියලා ආපු අක්කලාට නංගිලාට චියර්කරන්නේ. අමතර කතාවක් කිව්වේ අනාගතයේදී මැච් බලන්න යන කොල්ලන්ට වියදම් කරපු ගාන ගැන පසුතැවිළි වෙන එක වලක්වන්නයි. නැත්තන් ඉතින් මේ වගේ ගෙදරට වෙලා බ්ලොගක් ලියන් ඉන්න ඕනේ පාඩුවේ.

සේරටම කලින් මම නිකමට අහන්නේ, ලංකාවේ ටීම් එක ලංකාවේදී කනවට කියන්න ඉතින් හෙළ බොජුන් වලට වඩා නමක් තියෙනවද?
හැබැයි ඉතින් අපේ මේ කෑමට වග කියන්න ඕනේ හරක් රැළක් එකතු කරලා හදපු තේරීම් කමිටුවයි ක්‍රීඩකයන්ගෙන් කාලා ඇඳලා පාටි දදා ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයයි තමයි. මේ කස්ටියගේ වැඩ ගැන ඉතින් කතා කරනවට වඩා හොඳයි................................................, - කියන්න එන එක ලියන්න ලැජ්ජයි, මොකද ලොකු මල්ලිත් ලැජ්ජා බයට හැදුන කොල්ලෙක් දැන් මෙහෙම උනාට.
කොහොමත් ඉතින් අය්යලයි අංකල්ලයි දාලා ටීම් හදාගත්තම මැච් දිනන්න අමාරුයි කියලා අපි මතක තියාගන්න ඌනේ.

සනත් ජයසූරිය ඉතින් ලංකාවට ආඩම්බරයක් හැමදාම, එයා අපේ ක්‍රිකට් වලට කරපු සේවය අමතක කරන්න බෑනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමදාම ටීම් එකේ ඉන්න එකත් හරි නෑ නේද? අදත් විකට් 2ක් නම් ගත්තා, ඒ උනාට දැන් ගහයි දැන් ගහයි කියලා බලන් හිටියට කෝ නෑ නේ. හැම කෙනෙක්ටම තමන්ට කරන්න පුළුවම් උපරිමයක් තියෙනවා, ඒක තේරුම් අරන් වැඩ කරන එක වැදගත් කියලයි මල්ලි හිතන්නේ.
මම හිතන්නේ ලංකාවට පහළ උන අති දක්ශම ක්‍රීඩකයෙක් තමයි සනත්, තරුණ කාලේ හොඳට සෙල්ලම් කලා. ලංකාවට ලොකු කීර්තියක් ගෙනාවා. ඒ උනාට දැන් ඉතින් හිතේ හයියට ගහනවා මිසක්, ක්‍රිකට් ගහන වයසක්ද මේ? නාකි විසේ ගෙටත් උසේ කියලා කියන්නේ මේවට නෙමෙයි උනාට නෙමෙයි මත් නෙමෙයි.
කොහොම උනත් මල්ලි නම් හිතන්නේ සනත් යන්න ඕනේ කාලේ දැන් නම් හොඳටම හරි කියලයි.
තීරීම් කමිටුවේ ඉන්නේ හරක්, අපිට උන්ව හදන්නත් බෑ, උන් හැදෙන්නේත් නෑ.
ඒ කොහොම උනත් මෙතන යමක් කමක් තේරෙන මනුස්සය සනත් අංකල්.
අංකල් දැනගන්න ඕනේ කාලේ ආවම ගෞරවාන්විතව සමුගන්න. දැක්කනේ අපෙන් මෙච්චර බැනුම් අහන ඕස්ට්‍රේලියානු ටීම් එකේ ඇඩම් ගිල්ක්‍රිස්ට් බායි කිව්ව හැටි. තමන්ගේ දක්ශතා වල උපරිම කාලයේදී කල වයස හරි නිසා නවකයන්ට තැන දෙන්න එයා අයින් උනා. ඒ පැත්තෙන් නම් එයා හොඳ ක්‍රීඩකයෙක්, විවාදයක් නෑ.

මල්ලි දැක්ක විදියට නම් දැන් ඉතින් සනත් අංකලිගේ ශක්තියත් අඩුයි, ඉස්සර ගහපු පාරවල් ගහන්න ට්‍රයි කලාට හරි යන්නේ නෑ, 6ක් යන්න ගැහුවම ගොඩක් වෙලාවට 4 යන්නෙත් හරිම අමාරුවෙන්. බුදු දහමෙත් ඉතින් කියනවනෙ සියලු දේ අනිත්‍යයි, පවතින්නේ අපි කරගන්න කුසල් අකුසල් විතරයි කියලා. ඔන්න අද පෝය දවසේ මල්ලි ආගම දහමත් ටිකක් මතක් කරලා දුන්නා.

මල්ලිට නම් හිතෙන්නේ තියෙන ගෞරවය රැකගෙන අපේ සනත් අංකල් දැන් වත් බායි කිව්වොත් හොඳයි කියලයි. එයා තේරුම් ගන්න ඕනේ අළුත් දක්ශ අනාගත සනත්ලා කී දෙනෙක් අපිට නැති වෙනවද කියලා මේ වැඩ නිසා. අනික මෙහෙම තව ඉන්න එකෙන් වෙන්නේ සමුගන්න කාලය වෙනකොට රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් හොඳටම බැනුම් අහගෙන, එයා ගොඩනගාගත්තු ප්‍රතිරූපය එයාම විනාශ කරගෙන මිනිස්සුන්ට එපා කරවලාම යන්න වෙන එකයි.
දැන්ම ගියොත් එදත් අදත් හෙටත් මිනිස්සු සනත් ජයසූරියගේ විශිෂ්ඨ දක්ශතා ගැන නොඅඩුව කතා කරයි, නමුත් තවත් ඉඳලා දක්ශතා අඩු වෙලා එපා වෙලාම යන්න හිටියොත් මිනිස්සුන්ට ගුණ කතා කරන්න මතක හිටින එකක් නෑ. ලංකාවේ බොහොමයක් කස්ටියගේ හිත් ඉතින් ඉක්මනට වෙනස් වෙනවා, හැමදේම ඉක්මනට අමතක කරනවනේ.

තරුණ කාලේ දක්ශතා වලට හැමදාම තැන දෙන්න ගියොත් වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක වැඩිහිටි නිවාසයක ටීම් එකක් වගේ වෙනවා මිසක්, හැකියා වලින් සන්නද්ධ ක්‍රිකට් මැච් ගහන්න පුළුවම් ටීම් එකක් නොවෙන එකයි.

දක්ශයාට නිසි තැනත්, විශ්‍රාමිකයන්ට නිසි ගෞරවයත් කියන 2ම දෙන්න ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අසමත් නිසා..........................................................................................................................................................
-මෙතනට ගැලපෙන ඒවා ගොඩක් තියෙන නිසා ලිව්වේ නෑ, ඒ ඒ ආකාරයට ගැලපෙන ඒවා දාලා හිතාගන්න මල්ලිගේ පුළුල් දර්ශනය.

පලි - සනත් ජයසූරිය කියන අති දක්ශ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මඩ ගැසීමේ කිසිම අරමුණක් ලොකු මල්ලීට නම් ඇත්තෙම නැත, නමුත් තමන්ගේ කාලය ආවාම දුකෙන් උනත් යන්න වෙනවා කියන එක මතක් කරන්නයි මේ ටික ලිව්වේ.

අද මේ නවසීලන්තේ එක්ක ගහපු මැච් එක පැරදුන එකේ සම්පූර්ණ වගකීම සනත් පිට පවරන්න නම් නෙමෙයි මේක ලිව්වේ, පිතිකරණයෙන් නැති උනත් සනත් අද පන්දු යැවීමෙන් දක්ශතා පෙන්වපු නිසා අද ටීම් එකේ ඉන්න නිදොස් ම පුද්ගලයා සනත් කියලයි මල්ලි හිතන්නේ.