Thursday, November 5, 2009

Ringing ටෝන් වෙනුවට SMS


අරලිය ගහ මන්දිරේ කුස්සියේ ඈයෝ වගේ මල්ලි නම් මේ හදන්නේ මඩ ගහන්න නෙමෙයි. Ringing ටෝන් කතාව අල්ලගෙන ගහපු මඩ ටික එක වතුර බාල්දියෙන් හෝදලා දාන්නයි.
රජාණ්ඩුවේ පත්තර වලයි, අරලියගහ මන්දිරේ කුස්සිය - ස්වාධීන රූපවාහිනියයි , මැදමුලනේ ඩෝබි වෙච්ච ජාතික නාලිකාවයි මේ දවස් වල අපේ විපක්ෂ නායකතුමාට මඩ ගහනවා මේ ringing ටෝන් කතාවක් අල්ලගෙන. මල්ලිත් ඕක දැක්කා, බොරු කියන්න ඕනේ නෑනේ, මේකේ අර්ථය එක පාරටම මල්ලිට තේරුනේ නෑ, ඒ උනාට මේක තේරුන වෙන කෙනෙක්ගෙන් මල්ලි ඉගෙනගත්තා.
දැන් මේක ලියන්න යන්නෙත් මේ කතාව නිසා හිර වෙලා ඉන්න හුදී unp කාරයන්ගේ හිත සුව පිණිස සහ .................... කාරයන්ගේ කෙලවීම පිණිසයි. :D :D :D

Ringing ටෝන් වෙනුවට SMS යැවීම
මේක බොහොම සිම්පල් සත්‍යයක්.
රාජාණ්ඩුවේ අධික බදු බර නිසා මේ ලන්තයේ කොල්ලෝ කෙල්ලෝ වැලේ වැල් නැතුව ඉන්නේ. මල්ලි වගේ කොල්ලොත් මල් කඩන්නේ දැන් ටිකක් අමාරුවෙන් අධික වියදම නිසා. කෝල් වලටයි sms වලටයි 31.4%ක විතර අධික බද්දක් ගහන නිසා තරුණ කොල්ලෝ කෙල්ලෝ ලව් එකට මැසේජ් එකක් යවන්න , කෝල් එකක් දෙන්න සල්ලි නැතුව ඉන්නේ. ඒ නිසා දැන් මල්ලිලා වගේ පැණි බේරෙන තරුණ පරම්පරාවේ කට්ටිය ගොඩක් වෙලවාට කරන්නේ මිස්ඩ් කෝල්ස් දිදී තමන්ගේ පෙම්වතියගේ හරි පෙම්වතාගේ හරි ෆෝන් එකේන් ඇහෙන ආදර බර ringing ටෝන් එක අහන එක විතරයි.
තුන් කල් දකින බුද්ධියක් තියෙන විපක්ෂ නායකතුමා ( අවාසනාවට සමහර හරක්ට අගේ තේරෙන්නේ නෑ, හරක් නෙමෙයි කියල හොඳටම ෂුවර් නම් බොරුවට තප්පුලන්න හදලා වැඩේ මාට්ටු කරගන්නත් එපා හොඳේ ) මේ තත්වය තේරුම් ගත්ත නිසයි කිව්වේ ringing ටෝන් අහ අහා ඉන්නේ නැතුව තරුණ තරුණියන්ට sms යවන්න මුදල් හම්බවෙන තරමට ශක්තිමත් ආර්ථිකයක් එයාලගේ ආණ්ඩුවකින් පිහිටවනවා කියලායි කිව්වේ.
Ringing ටෝන් වෙනුවට sms කියලා කෙටියට කිව්වට එකෙන් අදහස් කරන්නේ ආර්ථිකයේ දියුණුවක් කියලා තේරුම් ගන්න තරම් වත් මොලයක් නැති අය තමයි මේ දවස් වල මේ කතාව අල්ලගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ. කොහොමත් ඉතින් ඒ පැත්තට කෑ ගහනවා කියන්නේ බුද්ධි මට්ටම පොඩ්ඩක් අඩු අය කියලා මල්ලි දන්න නිසා පුදුම වෙන්න තරම් දෙයකුත් නෑ නේද?

ප.ලි - මේ කතාව හරියට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නැතුව බොරුවට කෑ ගහපු අය ගැන මල්ලි ඇත්තටම කණගාටු වෙනවා, හැබැයි මල්ලිගේ හිත රවුම් නිසා කහටක් හරි තරහක් හරි තියෙන්න කොනක් නෑ.
*Ringing ටෝන් යනු දුරකතන ඇමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රතිග්‍රාහකයා දුරකතනයට පැමිණේන තුරු වාදනය වනා ගීතය හෝ සංගීත ඛණ්ඩයයි.

තව පොඩ්ඩක්, අමතර කතාවක් - ඇත්තම කියනවා නම් මේ දවස් ටිකේ මල්ලිට ලියන්න බැරි උනේ පොඩි පොඩි උන හෙම්බිරිස්සාවල් ටිකක් නිසා මෙන්ම බොක්කටම වැදිලා තිබුණු දුකක් නිසා. ඒ දුක ගැනත් ඉක්මනටම කියන්නම්, ගොඩක් අයට ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවම්, හැබැයි ගොඩක් අයගේ දුක් වලට වගේ ඒකට නම් කෙල්ලෙක් සම්බන්ධ නෑ කියලා අනිවර්යෙන්ම කියන්න ඕනේ.
ඒක කිව්වේත් සමහරක් හුදී ජනයාගේ දැනගැනීම පිණිසයි.