Thursday, October 15, 2009

සමාජයට ශාප කරමි.


කොළඹ හතේ රැලක් මැද
වුවෙමි මෝඩයෙක්
කුමක්ද වරද
මගේ ද
අම්මගේ ද තාත්තගේද
නැහැ
හැදුණු වැඩුණු සමාජයේ
දැන් කුමක් කරනුද
ශාප කරනු මිස.

සත්‍ය සිද්ධියක් ඇසුරින් ලොකු මල්ලී විසින් ලියන ලදී.

ප.ලි - මේක මම දන්න කෙනෙකුට උන සිද්දියක්, අධ්‍යාපන මට්ටමේ අඩුවක් නිසා නෙමෙයි, හැදුනු වැඩුනු සමාජ පරිසරය හා එය කොළඹ සමජයට නොගැලපීම නිසා සිදු උන දෙයක්. අහිංසක ගැමි කොල්ලෙක් පොෂ් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මැද කරකියාගන්න බැරි උනාම ඒ කොල්ල කොච්චර මානසිකව වැටෙනවද? බණ්ඩා කොළඹ ගිහින් අතරමං උනාටත් වඩා අන්තයි.
ගමෙන් කොළඹ ආපු ගොඩක් අය මේ අත්දැකීමට මූන දීලා ඇති. මොකද හැදී වැඩුන සමජ පරිසරයත්, එහි හැසිරීම් රටාවත් කොළඹට වඩා හුඟක්ම වෙනස් නිසා.