Thursday, September 3, 2009

aXXo ගේ බාප්පා ඇවිත්.


හුදී ජනයාගේ හිත සුව පිණිස මම මේ හදිස්සියේම ලියන්න ගත්තා මිසක් මම මීලඟට ලියන්න හිටියේ මේ ගැන නෙමෙයි. බොහොම පොඩි වැදගත් කාරණාවක්, මම දැක්ක දෙයක්, අනිත් අයටත් පෙන්වලා දෙන්න ඕනේ උනා.

ටොරෙන්ට්ස් හරහා චිත්‍රපටි බාන කට්ටියට වැදගත් දෙයක් මේක, පොතේ ගුරා අයියත් එයාගේ බයිස්කෝප් එකේ දාලා අපේ කට්ටියට මේ ගැන අනතුරැ අඟවන්න.

ගොඩක් බයවෙන්න දෙයක් නෙමෙයි, හොර axxo කෙනෙක් ඇවිත්.

මම මේ නිකමට කහනවට වගේ ටොරෙන් ෆයිල් වගයක් හොයනකොටයි දැක්කේ, දැන් ටික දවසක ඉඳන් අළුතින් මනුස්සයෙක් ටොරෙන් ෆයිල් අප්ලෝඩ් කරනව අපේ හිටපු සූර වීර axxoගේ නමින්. නමුත් 2009යේ මාර්තු මාසෙන් පස්සේ අපි දන්න කියන axxo කිසිම ටොරෙන්ට් ෆයිල් එකක් හදලා අප්ලෝඩ් කලේ නෑ, හැබැයි මල්ලි දන්නේ නෑ එයා මොකද ඒ වැඩේ නැවැත්තුවේ කියලා.
කොහොම උනත් දැන් ටොරෙන්ට් ෆයිල් දාන එකා හොරෙක්, රැවටෙන්න නම් එපා. හැරී පෝටර්, ට්‍රාන්ස්ෆෝමර්ස් 2 වගේ අළුතින් ආපු චිත්‍රපටි ගොඩකම 700mb සයිස් ෆයිල් තියෙන ටොරෙන්ට්ස් මේ හාදයා අප්ලෝඩ් කරලා.
අපි ඉතින් ඉස්සර නම් පුරුදු වෙලා හිටියේ axxo කියන නම දුටු තැන බාගන්නනේ, මොකද කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම්ස් වලට තියෙනව හොදම convert එක axxoගේ කියලා. විකියෙත් ගේ එක ගැන පුදුමය පළ කරලා දාලා තිබ්බා මතකයි. මොකද මිනිහා ඕනේම ෆිල්ම් එකක් 700-900mb සයිස් එකට convert කරනවනේ කොලිටි එක වෙනස් නොවෙන තරමට ම හොඳට.

කොහොම හරි කවුරු හරි අපතයෙක් axxoගේ හොඳ නම පාවිච්චි කරලා බොරු ටොරෙන්ට් දාලා අපිව අන්දන්න හදනවා.

මල්ලි කියන්නම්කෝ ඔයාලට මේවා අඳුරගන්න හැටි.
මෙහෙමයි,
ෆිල්ම් එකක ටොරෙන්ට් axxo දාන්නේ මෙහෙමයි,
name.of.movie[year]DvDrip[Eng]-aXXo.avi
නමුත් අළුතෙන් ආපු axxo බාප්පා ටොරෙන්ට් දාන්නේ මෙහෙමයි,
name of movie year axxo.rar

අනිත් කාරණය තමා .rar ෆයිල් සිස්ටම් එක axxo පාවිච්චි කරන්නේ නෑ, axxo දාන්නේ .avi විතරයි.

ඒක නිසා බැරි වෙලාවත් අළුත් axxoගේ ටොරෙන්ට් දැක්කොත් එවා අඳුරගෙන ප්‍රවේශම් වෙන්න.

කස්ටියටම මේ කාරණය කියලා මල්ලි ඔන්න මල්ලිගේ ඩියුටිය කලා.

ප.ලි -
මාර කෙලිය කියන්නේ මම දැන්, ඒ කියන්නේ මුලින්ම මේක දැකලා පැයකට විතර පස්සේ චෙක් කරනකොට හොර axxoගේ ටොරෙන්ට් ගොඩක් අයින් කරලා.

කොහොම නමුත් ඕකා ආයේ axxoගේ නමින් අප්ලෝඩ් කරයි, ඒක නිසා කල්පනාවෙන් ඉන්න.

හොර axxoගේ ටොරෙන් අයින් කරපු කස්ටියට ලොකු මල්ලි බොක්කෙන් ම ස්තූති කරනවා.

14 යි අදහස්:

පොතේ ගුරා said...

ඔව් මචන් මේ හොරාගෙ නම axxo,ඇත්ත බුවාගෙ (බුවාල සෙට් එකගෙ) නම aXXo ! මේ හොරා කාලයක ඉදන් වද දෙනව !

Anonymous said...

ලොකු මල්ලිටත් රහස් පරික්ෂක වැඩ පුලුවන් වගේ.... :D

ලොකු මල්ලී said...

අන්න මට මිස් උන කරණයක්.
සම්පූර්ණ ඇත්ත පොතේ ගුරා අය්යා කියන්නේ.
aXXo - original
axxo - duplicate

@ පන්හිඳ - ලොකු මල්ලිත් ඉතින් හැම එකටම ඇන්ටනාව දානවා.
:D

ශාකුන්තල | Shaakunthala said...

තවත් කාරණයක්... ඔය rar ක්‍රමයට තියෙන ටොරන්ට් බොහොමයක් වයිරස් - ස්පයිවෙයා - ට්‍රෝජන් සහ වැ* සෝට්කට් එක්ක තමයි එවන්නේ... බාගන්නෙ නැතුව අන්තර්ගතයෙ තියෙන්නෙ මොනවද කියල බලන්න ක්‍රමයක් නැති නිසා බාගෙනම තමයි බලන්න වෙන්නෙ මොනවද ඔච්චර තදට පැක් කරල තියෙන්නෙ කියල.... වරක් ඕපන් කළාම සොරි.com තමයි.

Lightning_Struck_Tower said...

"ඔය rar ක්‍රමයට තියෙන ටොරන්ට් බොහොමයක් වයිරස් - ස්පයිවෙයා - ට්‍රෝජන් සහ වැ* සෝට්කට් එක්ක තමයි එවන්නේ... බාගන්නෙ නැතුව අන්තර්ගතයෙ තියෙන්නෙ මොනවද කියල බලන්න ක්‍රමයක් නැති නිසා බාගෙනම තමයි බලන්න වෙන්නෙ මොනවද ඔච්චර තදට පැක් කරල තියෙන්නෙ කියල"

RAR kara aththe mewa release karana groups wala sammathayakata anuwai (scene rule).
http://filenetworks.blogspot.com/2009/03/scene-xvid-release-standards-2009_02.html

Virus saha anith jarawa embed karanne boho wita atharamadiyan wisini.

ලොකු මල්ලී said...

ශාකුන්තල අයියගේ කතව ඇත්ත. ඒ උනාට ලංකාවේ අපිට ගැලපෙන විදියට ඔය වචනේ සොරි.lk කියල වෙනස් කලොත් හොඳයි කියන එකයි ලොකු මල්ලීගේ අදහස.

ලොකු මල්ලී said...

@ Lightning_Struck_Tower - අනේ හැබැයි මල්ලි නම් එහෙම මොකුත් කලේ නෑ.

Lightning_Struck_Tower said...

ලොකු මල්ලී,
Mallita nemei malli mama kiwwe :)

Indranama said...

aXXo නෙමේ aXXo ගේ ලොකු තාත්තා films upload කලත් කමක් නෑ හොඳ quality videos දෙනවනම් (DVDrip කියලා ලේබල් ගහලා Cam දෙන්නෙ නැතුව)

ලොකු මල්ලී said...

හික් හික්,
අඩුමගානේ R5වත් දෙනවා නම් කමක් නෑ, මුන් වයිරස් පුරෝලා cam දෙනවා අපිට.

කොල්ලා said...

සින් එක නම් සිරා තම්යි.............
හොදට බලලම ගන්ට ඔනෙ..............thanks කොල්ලොදිගටම ලියහන්....

Harindu said...

aXXo - the legend of torrents..

machan mama danna taramin aXXo kiyanne group ekak. ehemai mama nam ahala tiyenne...

hebei aXXo ge DVD rip walata gahanna wena ekek nee mee loke..

aXXo uba(la)ta jaathi jaathi pin mee karana wedeta

Harindu said...

HORA AXXOge ata deka talanna oone.......
kalakanniya apee welawa naasti karnawata..

ලොකු මල්ලී said...

@ හරිඳු - හික් හික්ස්, හැබැයි වචන දරුණු වැඩිද මන්දා.............

Post a Comment