Tuesday, August 18, 2009

MJගේ ත්‍රිල(ර්) බැහැලා


ඔන්න ඉතින් මම මගේ පළවෙනි රචනාව ලියන්නයි යන්නේ. හැබැයි මම කතා කරන්න යන්නේ මීට සති කීපයකට කලින් රූපවාහිනී නාලිකා සහ පත්තර වලින් පට්ට ගහපු පුද්ගලයෙකුගේ වැඩක් සම්බන්ධවයි. පොඩි කොස්සකට තියෙන්නේ මේක ලියන්න පටන් ගත්තට මේකට දාන්න හෙඩිමක් මට තාම මීටර් උනේ නෑ. අවුලක් නෑ, ලියාගෙන යනකොට මොනවා හරි වෙයිනේ.
හරි හරි, මගේ බයිලා ඕනෑ නෑ, මම මේ මතක් කරන්න යන්නේ නැසී ගිය මයිකල් ජැක්සන් ( දන්න සිංහලෙන් කියනවා නම් king of pop ) කියන ගායකයා හෝ නැට්ටුවා හෝ ඒ දෙදෙනාම ගැනයි. ( හපොයි, නම ඇහුන ගමන් ඈනුමක් ගියාද? )
ඒ උනාට මම කියන්න යන්නේ පහුගිය දවස් වල පට්ට ගහපු කතාවක වෙන පැත්තක් ගැනයි. මම නම් තාම මේ ගැන මොකකවත් තියෙනවා දැක්කේ නෑ, මේක මට අද පොඩි හදිස්සියකට වැසිකිලියට ගිය වෙලාවේ ( ස්ථානයේ විශේෂත්වය අන්තිමට ම කියන්නම් ) මගේ මීටරේට set උනේ.
වෙන මොකුත් නෙමෙයි, best selling album of all time එක විදියට මයිකල් ජැක්සන්ගේ Thriller කියන ගීත එකතුව තියපු record එක ගැනයි. Record එක ගැන කිව්වට ඒක ගැන අලි පුරාජේරුවක් කියවන්න නෙමෙයි, ඒක එහෙම උනේ ඇයි සහ අදටත් ඒක එහෙමමද කියලා හොයලා බලන්නයි හදන්නේ.
ඔක්කොටම කලින් මම විකිපීඩියා එකෙන් ගත්තු මේ තොරතුරු ටික බලන්නකෝ, එතකොට තේරෙයි තරම.
( පින්තූරය උඩ ඔබලා බලන්න පොඩි වැඩි නම් )

( MJ නැති උන දවස් වල මම විකිය බැලුවම තිබුනේ මිලියන 109යි. මේ ටිකට ඒක 110 වෙලා )

මම නම් මේක දැකපු ගමන් ෆුල් හොල්මන්, මොකද අපි ලොකු ළමයි උනාට පස්සේ ( ලොකු ළමයි කිව්වේ 2000න් පස්සේ කාල වකවානුව සිහි කරවන්නයි. නැතුව මම ගැහැණු ළමයෙක් නෙමෙයි ) ආපු හෝ ඇවිල්ලා ගිය හෝ තවමත් ඉතුරු වෙලා ඉන්න කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් හෝ ගායක කණ්ඩයමක හෝ ගීත ඇල්බම කිසිම එකක් මේ අතර දකින්න නෑනේ.
අංක 1ට MJගේ ගීත එකතුව තියෙනකොට දෙවෙනි ස්ථානයට ඉන්න AC/DCලාට අඩුම ගානේ මිලියන 50ක් වත්, ඒ කියන්නේ බාගයක් වත් වාර්තා කරගන්න බැරි වෙලා. ඒකෙන්ම පේනවා 80 දශකයේ දී MJගේ ගීත වලට තිබිලා තියෙන ඉල්ලුම. මේ ගීත නිසා MJ කොහොම හරි මුළු ලෝකෙම දන්න පුද්ගලයෙක් බවට පත් උනා, එයා තරම් ජනප්‍රිය උන කෙනෙක් මේ ලොකේ නම් වෙන හිටියේ නැති තරම් , ඒක ඉතින් හැමෝම දන්නවනේ.
ඒ කොහොම උනත්, ලෝකයේ වැඩියම විකුණන ලද ගීත එකතුව විදියට මයිකල්ගේ ත්‍රිලර් ගීත ඇල්බමය තියපු වාර්තාව අදටත් වලංගු ද කියන එක ගැන නම් මේ ලොකු මල්ලී ට ෂුවර් නෑ, අන්න ඒකයි මෙතන තියෙන අවුල. මම මේක ලියන්නෙත් මේක ගැන මම දකින දෘෂ්ඨි කෝණය ගැන ඔයාලට තේරුම් කරලා දීලා ඔයාලගේ මේ ගැන අදහස් දැනගන්නයි. නැතුව අපේ රූපවාහිනී මහ ගෙදර සහෝදරවරු කලා වගේ නැසී ගිය MJට මඩ ගහන්න එහෙම නෙමෙයි. මමත් MJගේ රසිකයෙක් නිසා ඒ වගේ අසික්කිත වැඩක් කරන්නේ නෑ ( රසිකයෙක් නොවුනා කියලා එහෙම කරන්නෙත් නෑ )
ඇත්තටම මේ ප්‍රශ්නය ගැන බලනකොට 70, 80 සහ 90 දශක වල තිබුන ලෝකයත් අද ලොකු මල්ලිලා ජීවත් වෙන නූතන ලෝකයත් කියන 2ම ගැන වෙන වෙනම හිතලා බලන්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ 80දශකයේ මිනිස්සු ජීවත් උනා ආකාරයට නෙමෙයිනේ. ටිකක් හිතලා බලන්න ඒ කාලේ කොල්ලෝ කුරුට්ටෝ අපි මේ දැන් කරනවා වගේ අන්තර්ජලයේ එල්ලිලා ජාත්‍යන්තර ප්‍රශ්න ගැන බ්ලොග් ලිය ලිය හිටියේ නෑනේ, වෙලක දුවනවා ඇළක නානවා මිසක්. ඒක නිසා ඒ කාලයේ උන සමහර දේවල් මේ කාලයට ඔට්ටු නෑ කියන එක තමා ලොකු මල්ලිගේ අදහස.
ඉන්නකෝ මම පැහැදිලි කරනකම් මොකක්ද මේ මම කියවන පිස්සුව කියලා..............
මේකනේ, අමුවේම කියනවා නම් ඒ කාලය මෙච්චර දියුනු නෑනේ. ඒ කියන්නේ 70 සහ 80 දශක වල මිනිස්සු පරිඝණක පාවිච්චි කලේ බොහොම අඩුවෙන්. අනික මම දන්න විදියට නම් ඒ කාලේ ගෙවල් වල පරිඝණක පාවිච්චි කලේ නෑ.( 70 දශකයේ නම් පරිඝණක තිබුණද දන්නේ ත් නෑ ) ගෙවල් වලට පරිඝණකය එන්නේ 80 දශකයේ අග හෝ 90 දශකයේ වගේ, ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට ( කොල්ලෝ කුරුට්ටොත් ඇතුළුව ) ආසාවට සින්දුවක් අහන්න කියලා තිබුනේ වෑර්ලස් එක හෙවත් Radio එක හරි රූපවාහිනිය හරි තමා. ඉතින් අද අපිට වගේ නෙමෙයි එයාලා ආස කරන සින්දු අහන්න ඕනේ නම් එයාලට අනිවාර්යයෙන් ම ඒ ගීත තැටිය හෝ කැසට් පටය මිල දී ගන්න වෙනවාමයි. අන්න ඒ හේතුව නිසා තමයි ඒ කාලයේ ගීත ඇල්බම මෙච්චර වැඩියෙන් විකිණිලා තියෙන්නේ. විශේෂයෙන්ම MJගේ ත්‍රිලර් ගීත ඇල්බමය ලොව පුරා මිනිස්සු අතර ජනප්‍රිය වෙනකොට එම ගීත ඇල්බමය වඩා වේගවත් සහ අති විශාල අලවියක් පෙන්වන්න ගත්තා. MJ ගැන උන්මාදය ලෝකයේ පැතිරෙනකොට එයගේ ගීත ඇල්බම වාර්ථාගත වේගයකින් අළවි උනා. අන්තිමේදී සියළු වාර්ථා කඩා දමලා 80 දශකයේදී MJගේ ත්‍රිලර් අළුත් වාර්ථාවක් තිබ්බා.
ඒ උනාට ඕක උනේ 80 දශකයෙනේ, එ කියන්නේ තාක්ශණය අතින් එච්චර දියුණු නැති කාලයකදිනේ.
නමුත් 90දශකයේ අග නැත්නම් වසර 2000න් පස්සේ වෙනකොට ඔය තත්වය අනිත් පැත්ත පෙරලෙනවානේ, ඒ කියන්නේ පරිඝණකය කියන සද්ධන්ත යන්තර රාජයා පොඩි වෙලා ගෙවල් දොරවල් වල අනිවාර්‍ය පොදු උපකරණයක් බවට පත් වෙනවානේ. එතකොට පරිඝණක වල සීඩී වලින් ගීත හුවමාරුව වඩා වේගවත් වෙනවා.
ඒක පැත්තකින් තියමුකෝ,
2000න් පස්සේ වෙනකොට අන්තර්ජාල පහසුකම ගොඩක් රට වලට පැතිරෙනවා, අනික ඒක මිනිස්සු අතරත් වඩා වේගයෙන් පැතිරෙනවා. ලොකු මල්ලී හිතන විදියට නම් ගායක ගායිකාවන් ගේත් හෙනයට හිටියේ මේ අන්තර්ජාලයම තමා( අපෙත් හෙනේ මේකනේ ).
ලොකු මල්ලිට පේන එළම උදාහරණය තමා ඔයාලා අපි වගේ කට්ටිය. උපන්තේකට කඩයකට ගිහින් සල්ලි දීලා ඔරිජිනල් සීඩී තැටියක් අරන් තියෙනවද???( මේ කියන්නේ empty එවා නම් නෙමේ, ගායකයා හෝ ගායිකාව ඉදිරිපත් කරන ගීත අඩංගු ඔරිජිනල් තැටිය ගැනයි, හැබැයි ඉතින් ඔරිජිනල් එවා ගන්න අයට මේක වලංගු නැති උනත් බහුතරයක් දෙනා කරන්නේ නම් මම කියපු දේ තමයි )
නෑනේ,
අපි ඉතින් ගත්තොත් ගන්නේ මොකක් හරි හොර ක්‍රමයකටනේ.
රැපීඩ් ෂෙයාර් , ටොරෙන්ට් හෝ මොකක් හරි බ්ලා බ්ලා බ්ලා ක්‍රමයකටනේ අපි සින්දු ගන්නේ. අපිටම හරියන්න ඉතින් මේ ලොකේ ඕනෑ තරම් හොරුත් බිහිවෙලා ඉන්නවා, ගීත ඇල්බමයක් හරි ෆිල්ම් එකක් හරි එන පරක්කුවට හොරට අරගෙන ෆයිල් ශෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරනවා, නැත්නම් ටොරෙන්ට් මාර්ගයෙන් බාගන්න සලස්වනවා.
( පුරාජේරුවකට කියනවා නෙමෙයි, මගේ කොම්පූටරේ නම් දැන් 150ගිගා බයිට් +++ සින්දු තියෙනවා, ඔක්කොම ඉතින් අන්තර්ජාලයෙන් හොරට බාපුවා තමා, කොහොමද මල්ලි බුවාගේ වැඩ? )
මම විතරක් නෙමෙයි, දැන් ලෝකයේ බහුතරයක් අය සියලු බාගත කිරීම් සිද්ධ කරන්නේ නීත්‍යානුකූල නොවන ක්‍රම වලටයි. ඉතින් එහෙම හොරට සිද්ධ කරන බාගතකිරීම් එම දත්ත වල නියම අයිතිකරුවන්ගේ ලිපි ගොනු වල සටහන් වෙන්නේ නෑ.
තේරෙන බාසාවෙන් කියනවා නම්, අපි හොරට සින්දු බාගත්තම ඒක ඒවයේ නියම අයිතිකාරයන් දන්නේ නෑ.
අන්න ඒ හේතුව නිසා තමයි 80දශකයට සාපේක්ශව වර්ථමානයේ නිකුත් වෙන ගීත ඇල්බව වල වාර්ථාගත අළෙවියක් පෙන්වන්නේ නැත්තේ, එවා කොච්චර මිනිස්සු අතර ජනප්‍රිය උනත්.
මයිකල්ගේ ත්‍රිලර් ගීත එකතුවට වඩා ජනප්‍රිය ගීත එකතුවන් ලෝකයේ තියෙනවා, නමුත් එවාට ඇති ආශාව හා එම ගීත ඇසීමේ නොඉවසිල්ල නිසාම මිනිස්සු අන්තර්ජාලයෙන් එවා ලබාගෙන රස විඳිනවා.
(අපේ වාසනාවට, එයාලගේ අවාසනාවට අපිටම හරියන්න අළුත්ම ගීත නොමිළයේ බගන්න පුළුවම් වෙබ් අඩවි දැන් ඕන තරම් තියෙනවා.)
ඉතින් අපෙ කස්ටියට තේරෙනවා ඇතිනේ මම කියන කථාව, වර්තමාන මිනිස්සු නීත්‍යානුකූල නොවන අකාර වලට ගීත ඇල්බම ලබාගන්න නිසා 70,80 හා 90 දශක වල ගීත ඇල්බම අළෙවියෙන් තියපු වාර්තා අළුත් වෙන්නේ නෑ. අන්න ඒ නිසා තමා මම පෙන්වපු විකියෙන් ගත්ත වගුවේ මුල් අංක සේරම කෝපි කාලයේ ගීත ඇල්බම වලින්ම පිරිල තියෙන්නේ. ( කෝපි කාලයේ කිව්වට ඒ ගීත පරණ වෙන්නේ නෑ, වචනේ ලස්සනටයි එහෙම කිව්වේ ). නැතුව 2000න් පසුව ආපු ගායක ගයිකාවන් අදක්ශ නිසා වත්, එයාලගේ ගීත ජනතාව අතරට නොගිය නිසා වත් නෙමෙයි.
ඉතින් අදටත්, සමහරවිට හෙටත් ඒ records එහෙමම තියෙයි. ඒක නිසා ත්‍රිලර් ට වඩා ජනප්‍රිය ඇල්බම කොච්චර ආවත් එදත් අදත් හෙටත් නොම්මර එක ත්‍රිලර්ම වෙයි.

ඇත්ත කියලා පේන හැම දේම ඇත්ත නෙමෙයි කියල දන්න ලොකු මල්ලි නම් මේකට දුක් වෙන්නේ නෑ.

ප:ලි -
01. මගේ කුළුඳුල් ළිපිය නිසා වැරදි ගොඩක් ඇති, කරුණාකර ඒවා මට පෙන්වලා දෙන්න.
02. MJගේ රසිකයෝ ප්‍රකෝප වෙලා ලොකු මල්ලීගේ බ්ලොගට කෙළවයි කියල හිතුන නිසා එච්චර සැරට ත්‍රිලර්ට පහර ගැහුවේ නෑ.
03. මේ අදහස ආවේ වැසිකිළියෙදි, මම සාමන්‍යයෙන් පැය බාගයකට වඩා අදාළ වැඩේ කරගන්න එතන ඉන්න නිසා ඕවා මතක් වෙනවා.
අනික, ලොකු මල්ලීට වටිනා කියන අදහස් වැඩිපුරම ගලාගෙන එන තැන තමා එතන.
04. මගේ රචනාව මම නිකන් එදිනෙදා අපි කතා කරන අකාරයෙන් වගේ ලියන්න උත්සාහ දැරුවේ ඒක කියවන ඔයාලට රසවත් වෙයි කියල හිතන නිසා විතරක් ම නෙමෙයි මගේ ව්‍යාකරණ මට එච්චර ෂුවර් නැති නිසයි.
05. බ්ලොග් කෙරුවාව පටන් ගන්න මට උපදෙස් හා ශක්තිය දුන්න බින්කු හා මුචලින්ද බ්ලොග් අයියලාට පිං.

11 යි අදහස්:

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

ලොකු මල්ලිට අපෙන්(මගෙන්) සුභ පැතුම්. දිගටම ලියන්න. මම හිතන විදියට මුල්ම ප්‍රතිචාරය මගෙන්..... ජය වේවා.

Bashitha said...

මචන් ලොකු මල්ලි, කතවෙ ඇත්තක් තියනව.මමත් තාම දැකල තියන එකම ඔරිජිනල් cd එක තමයි උබුන්ට් එක.
4.ඔයා බ්ලොග් ලියන සිස්ටම් එක නරක නැ.මොකද වියාකරන දානවට වැඩිය මෙ ස්ටයිල් එක රසවත්.
1.ඔයා බ්ලොග් වලට අලුත් වගෙ පෙන්නෙ නැ.
මම හිතන්නෙ ඔයගෙ කමන්ට් දන්ට තියන විදිය ටිකක් අමාරුයි එක වෙන්ට ඇති කමන්ට් අඩු

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

sorry i ddnt see the 1st post machan !

ලොකු මල්ලී said...

@ Chrishi,
බොහොම තුති, ඔයා තමයි නොම්මර එක

@ Basitha,
මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය සතියේ,
මේක තමයි පළවෙනි එක.
උබුන්ටු තමයි මමත් පාවිච්චි කරන එකම ඔරිජිනල් තැටිය.
මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කරන එකේ අවුලක් නම් මම හොයලා බලන්නම්, බොහොම ස්තූතියි කිව්වට ඒක.


ඔයාලගේ සුබපැතුම වලට මල්ලිට මාර ආතල්,
මෙච්චර ඉක්මනට ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුනෙත් නෑ, බයේ හිටියේ කට්ටිට බනීවි කියලා.

ලොකු මල්ලී said...

@chrishi
ගනන් ගන්න එපා,
අයියලා මල්ලිලා හැමෝටම වැරදි වෙනවා.
දෙන්නම එකටම වගේ කොමෙන්ට් කරන්න ඇත්තේ, එකයි නොදකින්න ඇත්තේ.

Bashitha said...

he he

Bashitha said...

@chrishi
mata owwa terenne ne machan..........

Narada said...

කොපි කාලේ සිංහල සින්දු අප්ලෝඩ් කොරාටත් උදැල්ලා දාන අය නැත්තේ නෑ. හැබැයි බැලින නම් උන් වුණත් ඔය හොර එව්වා බාන උන්.

උඹට 150GBද? අම්මපා දියුණු වෙලානේ මල්ලී! ඒ අස්සේ අහසේ පාට සේයාවක් නෑ නේද?

ලොකු මල්ලී said...

ඔව් බන්, දාඩිය මහන්සියෙන් 150GB බාගත්තා මේ ටිකට.

neon said...

ටිකක් පහුවෙලා දැක්කත් ලොකු මල්ලිට සුබ පතන්නම ඕනේ කියල හිතුනා ! කිරි කිරි බ්ලොග්කරුවාට ජයෙන් ජයම වේවා !

Harindu said...

hafooooooooiiiiiiiiii...........

muutat hitena dewal......

pixxxuuu aaaaa.........

sirawata machan mangaawat tiyennema ekama orginal CD deka UBUNTU ekai lap ekata hambeccha XP CD ekai...

ubuntu eka mata hambuneee niyama kindi widihakata
mama ee scene eka mage blog eke dannam.....denata mama meccharak kiyala yannam.....

ubuntu order karaddi 1k witarak order karapan...TRY karala balanna kiyala 100k ehema danawa nemei...

:D

Post a Comment