Thursday, August 20, 2009

ඌවෙන් දකුණට


මයිකල්ගේ ත්‍රිල ගැන ලිව්වට පස්සේ මට මා......ර ආතල් එකක් අවා වැඩි කල් නොගිහින් තව එකක් ලියන්නම. බැරි බැරි ගාතේ හරි ලියලම තමා හදාගන්න ඕනේ කියලා ලොකුමල්ලිට 1ඒ පන්තියේ ටීචර් කියපු එක අදටත් හරි වගේ.
ඌවෙන් දකුණට කිව්වට මම මේ හදන්නේ කාට හරි බඩු ටිකක් කඩේකි ගෙනත් දෙන්න නම් නෙමෙයි, ඒවට කස්ටිය ඉන්නවනේ. අපේ ඡන්ද කෙරුවාව දැකලමයි මට මේ ඡන්දේ ගැන ලියන්න හිතුනේ.
ලංකාවේ තියෙන්නේ කෘෂිකර්ම ආණ්ඩුක් කියලත් හිතෙනවා ලොකු මල්ලිට වෙලාවකට, ඇයි දෙයියිඅනේ කන්නේන් කන්නෙට ඡන්ද තියනවනේ. එහෙම කියන්නත් බෑ, කුඹුර හානකොටයි, ගොයම් හිටෝනකොටයි කපොනකටයි වගේ ඡන්ද තියන්නේ. මල්ලිට නම් දැන් එපා වෙලා දැන් මේ කෙරුවාව, ඒ උනාට ඉතින් රාජ නීතියට අනුව එහෙමනේ.
කොහොම උනත් ආණ්ඩුවෙයි, විපක්ෂෙයි ගොන් කතා ආයෙත් කාලයක් අහන්න පුළුව්ම් වෙයි. හැබැයි ඉතින් මෙයාලගේ කතා අහලා රටවැස්සන්ගේ ලේ නම් පිරිසිදු වෙනවා, එහෙම උනා කියලා කට පියාගෙන ඉන්න ලොකු මල්ලීට හිතෙන්නේ නැති එක තමා එකම අවුල.
මම මේ නිකන් අහන්නේ,
පහුගිය පළාත් සභා ඡන්ද වලදි රාජාණ්ඩුවේ ඇමති කෙනෙක් හරි, විරුද්ධ පක්ශයේ කෙනෙක් හරි නිකන් ආසාවකට හරි බේතකට්ට හරි තමන්ගේ ප්‍රතිපත්ති ගැන හරි, දින්නට පස්සේ කරන්න ඉන්න වැඩ ගැන හරි කතා කරනවා දැක්කද?අපේ ගෙදර ටී.වී එකේ අවුලක්ද දන්නේ නෑ, අහුවෙන එක චැනල් එකකවත් මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ.
මම දැක්කේ නම් දෙපැත්තෙම කස්ටිය ගොන් ජෝක් කරගන්නවා විතරයි, අපරාදේ කියන්න බෑ අර කව්ද කිව්වා වගේ නරලොව හොල්මන් ම තමා.
(දැන් ලංකාවේ මිනිස්සු ප්‍රවෘත්ති බලන්නෙ ලේ පිරිසිදු කරගන්නලුනේ.)
ආණ්ඩුවේ බඩ ලොකු ඇමතිලා සෙට් එක කට ඇරියොත් කියන්නේ ම ගොන් කතාවක්. මම ඉතින් කියන්න ඕනේ නෑනේ ඔවා කියන කස්ටියගේ නම් ගම් එහෙම. ආණ්ඩුවේ ඇමතිගොල්ල කියන්නේ සුළු පටු කස්ටියක් ද මම අහන්නේ? නිල රථ 100ක් විතර දීලා, තව අනන් මනන් වරප්‍රසාදත් සෑහෙන්න දීලා ඔච්චර පරිස්සම් කරගෙන ඉන්නේ මේ වගෙ කස්ටියක් ද?
ලොකු මල්ලිලගේ අනාගතය ( ඇයි මගේ විතරක්, ඔයාලගෙත්) හදන්න ගිය මෙයාලා මෙහෙම වගකීමක් නැති කතා කියනකොට හරි නම් අපි හිනා වෙන්න නෙමේ, අඬන්නයි ඕනේ.ඔයාලත් ටිකක් කල්පනා කරලා බලන්න, ඡන්ද රැස්වීම් වල කතා පවත්වන්න ඕනේ බලන්න ආපු කට්ටියගේ ( ආවා නෙමෙයි, බස් දාල ගෙන්නගත්තු ) මහන්සි නැති කරලා හුරේ කියවන්නද, නැත්නම් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාවට කියල දෙන්නද කියලා?
හැබැයි ඉතින් ලොකු මල්ලිට එයාලගේ කතා ගොන් ජෝක් කියලා හිතුනට එවා ඇත්තටම එයාලගේ පක්ෂයේ ප්‍රතිපත්ති ද දන්නේ නෑ.( එහෙම අයට ඡන්දේ දෙන මිනිස්සුත් ඉන්නවනේ )
ලොකු මල්ලිට දුකකට කියලා තියෙන්නේ විපක්ෂේ අයත් මේ ගොන් කතා කියන අයට උත්තර දිදි ඉන්නවා මිසක් එයාලා කරන්න ඉන්න වැඩ ගැන කියන්නේ නැති එකනේ.
"වැල යන අතට මැස්ස ගහන්න ඕනේ තමයි, හැබැයි ඉතින් එහෙම කියලා වැල අනුන්ගේ වතු වලට යනකොට එහෙත් මැසි ගහන්න යන්න ඕනේ නෑනේ."
කොහොම උනත් ලොකු මල්ලිට නම් හිතෙන්නේ විපක්ෂයේ මහත්වරු ( සමාවෙන්න ඕනේ, ජෙප්පන්ට නම් මම මහත්වරු කියන්නේ නෑ කීයටවත් ) වත් පාලක පක්ෂයේ අයගේ මෝඩ කතා වලට උත්තර දෙන එක ටිකක් අඩු කරලා තමන්ගේ ප්‍රතිපත්ති ගැන ජනතාවට කරුණු අවබෝධ කරලා දෙනවා නම් හොඳයි.
ගොන්නු තප්පුලනවා කියලා මිනිස්සුත් තප්පුලන්න යන්න ඕනේ නෑනේ.
එහෙම නේද?
කොහොම උනත් කොයි පක්ෂයේ උනත් ඔය වගකිවයුතු පුද්ගලයෝ ටික කරන්න ඕනේ ගොන් කතා කිය කිය මඩ ගහගන්නවා නෙමෙයි, ජනතාවට සේවයක් කරන්න බලන එකයි.
ආණ්ඩුවේ අය උණත් ඔය පැති වල මිනිස්සුන්ට හරි හමන් වැඩක් කලා නම් අද නිකන් ජෝකර්ලා වගේ මිනිස්සුන්ව හිනස්සලා ඡන්ද ගන්න දඟලන්න ඕනේ නෑනේ.
විපක්ෂයේ අයත් රැල්ලට ගොන් කතා කියන්න යන්නේ නැතුව, වගකීමක් ඇති ප්‍රකාශ නිකුත් කරනවා නම් එයාලටත් ඡන්දේ ලැබෙයි ( හැබැයි ඊට කලින් ජනතාවට නුවණ ලැබෙන්න ඕනේ ගොන් ජෝක්කාරයින්ගෙන් බේරෙන්න, හැබැයි ඉතින් රෙද්ද ඇන්දම ඕනේ හොරෙක් දේශප්‍රේමියෙක් කියලා හිතනකම් නම් බැරි වෙයි ඇත්ත තෙරුම්ගන්න ).

ජනතාවගේ නුවණ පෑදේවා! , ගොන් ජෝක් කාරයින්ට කෙලවේවා ! ලංකාවේ මහත්මා දේශපාලනයක් ඇතිවේවා! කියන එක තමයි ලොකු මල්ලිගේ ප්‍රාර්ථනය.

ප:ලි -
ආණ්ඩුවට පහර වැදුනා තමයි, හැබැයි ඉතින් එහෙම කියලා සන්ධානයට ආධාර කරන සහෝදරවරු ලොකු මල්ලිත් එක්ක අමනාපකම් ඇති කරගෙන රණ්ඩුවට එන්න නම් එපා.
මොකද ලොක්කෝ බොරුවට රණ්ඩු උනාට එයාල හරි ෆිට්, ඉතින් අපි මොකටද නිකන් මරාගන්නේ

8 යි අදහස්:

Bashitha said...

මෙ පාර ටොපිය වෙනස් පැත්තකට ගිහිල්ල........එකත් හොදයි,
මමනම් හිතන්නෙ අපෙ රටෙ තාම මහත්මා දේශපාලනයක් බිහිවෙල නැකියල........

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

ලොක්කෝ බොරුවට රණ්ඩු උනාට එයාල හරි ෆිට්, ඉතින් අපි මොකටද නිකන් මරාගන්නේ
මරු කතාව. ඇත්තටම මේක අපේ උන්ට තේරෙන්නේ නැති එකනෙ වැඩේ

Bashitha said...

ලොක්කො කියන එවා එයාලට මතක තියෙන්නෙ වෙදිකවෙදි විතරයි

Rachintha Jayawardhana said...

මොකද්ද බාශිත මලේ ඔය උඹ කියන ටොපිය.මොනව උනත් එල ළිපිය.
හැබැයි ඉතින් අර කාලකන්ණින්ට ජෙප්පෝ කියන එක වැරැදී.මොකද ජෙප්පෝ කියලා ජනවහරේ කියන්නේ සමාදාන විනිෂ්‍යකාරට හරි මගේ භාෂාවෙන් නං ජූනියර් ප්‍රිෆෙක්ට් ට හරි !

ලොකු මල්ලී said...

hey thanx basitha and chrishi.
u too muchalinda ayya.

මෙතන ටොපිය කියන්න ඇත්තේ ටොපික් එකට වෙන්න ඇති, එකපාරටම මමත් දේශපලන කොලමක්නේ ලිව්වේ. අනික ටොපිය මුචලින්ද අය්යගේනේ. දැන් නම් ටොපියක් දැක්ක ගමන් මතක් වෙන්නේ මුචලින්ද.

එහෙම නම් ඉතින් අපි ආතක් පාතක් නැති ජේ.වී.පී කාරයන්ට හොඳ නමක් හොයගන්න ඕනේ, නිකන් රතු හිවල්ලු වගේ, කෑ ගහනවා විතරයිනේ ඕකුන්.

Bashitha said...

මම ටොපිය කියල ගැහුවෙ ටොපික් එක් කියල ගහන එක පොඩ්ඩක් විතර චාටර් හින්ද..........අනික ඔය ටොපිය පුරුදු කරෙත් මුචලින්ද අයියනෙ.............

Bashitha said...

ලිව්මනම් එලම තමයි
මුච්ලින්ද අයියගෙ "ටොපිය" කොපි කරාට සොරි වෙන්ට ඔනෙ අය්යෙ

ලොකු මල්ලී said...

මුචලින්ද අයියා ඉතින් අපේ ගුරා නිසා අහිතක් හිතන එකත් නෑ.
අනික ඉතින් ටොපික් එකට වඩා ටොපිය ලස්සනයිනේ.

Post a Comment